LPL 2021 දින නියමයකින් තොරව කල් යයි..

2021 වසරට අදාල ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලිය ජූලි 30 දින ආරම්භ කිරීමට කටයුතු කරමින් තිබුනද එය දින නියමයකින් තොරව කල් යාමට හැකි බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටි බව daily News වෙබ් අඩවිය සදහන් කර තිබුණි.

මේයට හේතු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණේ තවමත් තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගනයක් තීරණය කර නොමැති බවත් පකිස්තාන කණ්ඩායමේ බටහිර කොදෙව් සංචාරය,ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය සහ කාශ්මීර ප්‍රීමියර් ලීගය ආරම්භ වීම සමග බංගලාදේශ සහ කොදෙව් ක්‍රීඩකයන් හට එමගින් ලංකා ප්‍රිමියර් ලීගය මග හැරීමද ප්‍රධානතම හේතුවක් බවය.

 

දින නියමයක් නොමැතිව කල් යන 2021 ලංකා ප්‍රිමියර් ලීගය ආරම්භ වන දිනය පිළිබඳ තොරතුරු ඉදිරි දින වලදී දැනුම් දෙන බව ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණි.

Leave a Comment