ඕස්ටේලියානු ක්‍රිකට් ඉතිහාසය තුල ලද දරුණුම පරාජය උරුම කරමින් බංගලාදේශ කණ්ඩායම ඓතිහාසික තරගාවලි ජයක්..

බංගලාදේශ කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර  Sher-e-Bangla ක්‍රීඩාංගනදී  පැවැත්වූ තරග 5 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පස්වන තරගයත් බංගලාදේශ කණ්ඩයම ජය ගැනීමත් සමග ඔවුන් තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරග 4-1 ලෙස ජය ගැනිමට සමත් විය.
අවසන් විස්සයි විස්ස තරගයේදි ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම ලකුණු 133 ක ඉලක්කයක් ලබා දුන් අතර එම ඉලක්කය හඹා ගිය ඕස්ට්රේලියා කණ්ඩායම ලකුනු 62 කට සීමාකරමින් බංග්ලාදේශ කණ්ඩායම පස්වන තරගයත් ජයග්රහණය කරනු ලැබුවා..
මේ අතර ඕස්ට්රේලියා කණ්ඩායම පන්දු වාර 13.4 තුල  සියල්ලන් දැවී ගිය අතර මෙම ඉනිම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ කෙටිම පන්දු වාර සංඛ්‍ාවකින් සියල්ලන් දැවිගිය  ඉනිම ලෙස වාර්තා පොත් අතරට එක් විය . ඒ අනුව මෙය 1877 මාර්තු 15 දායින් පසු ඔවුන් සියලු දෙනා දැවී ගිය අවම ඕවර ගණනයි.
මෙම තරගයේදි කඩුලු 4 ක් බිඳ හෙලමින් පෙර තරගයේ පහාරයකට ලක්වු ශකීබ් අල් හසන් විශිෂ්ඨ පන්දුයැවීමක නිරත විය..මෙලස බංගලාදේශ කණ්ඩායමක් විස්සයි විස්ස ඉතිහාසයේ පළමු වරට මෙලෙස ඕස්ටේලියානු කණ්ඩායමකට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනිමට සමත් විය..
මෙම තරග 5 තුල බංගලාදේශ පන්දු යවන්නන් ඉතා කැපීපෙනන දක්ශතා දැක් වූ අතර ඕස්ටේලියානු කණ්ඩායමේ පිතිකරුවන්ගේ අසරණ පිතිකරණය මේ තරග තුනේදිම කැපි පෙනෙන්නට විය..

මේ වනවිට බංගලාදේශයෙ නව දග පන්දු පුහුණු කරන්නා විදියට කටයුතු ‍කරන ශ්‍රි ලංකා දග පන්දු යවන්නෙක් වු රංගන හේරත් වීම  විශේෂයි..

බෝහෝ විචාරකයින්ගේ අදහස නම් මෙම දස්කම් දැක්වීමට රංගන හේරත්ගේ අත්දැකීම් ඉවහල් වි ඇති බවය. මේ පිළිබදව ඕස්ටේලියානු ප්‍රබල දග පන්දු යවන ක්‍රිඩක ඇස්ටන් එගාර් ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

වර්තමාන බංගලාදේශ දග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඔවුන්ගේ දග පන්දු පුහුණුකරු රංගන හේරත්ගේ දක්ෂතා වලට සමානයි – Ashton Agar

බංගලාදේශ කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වුනේ බංගලාදේශයේ Sher-e-Bangla ක්‍රීඩාංගනදී පැවැත්වූ 3 වන විස්සයි විස්ස තරගයද බංගලාදේශ කණ්ඩයම ජය ගැනීමත් සමග ඔවුන් තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදිම ජය ගැනිමට සමත් විය.

බංගලාදේශ කණ්ඩායමක් විස්සයි විස්ස ඉතිහාසයේ පළමු වරට මෙලෙස ඕස්ටේලියානු කණ්ඩායමකට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජය ගැනිමට සමත් විය..

මෙම තරග 3 තුල බංගලාදේශ පන්දු යවන්නන් ඉතා කැපීපෙනන දක්ශතා දැක් වූ අතර ඕස්ටේලියානු කණ්ඩායමේ පිතිකරුවන්ගේ අසරණ පිතිකරණය මේ තරග තුනේදිම කැපි පෙනෙන්නට විය..

විශේෂයෙන් නිමා වු තරග තුන තුල දගපන්දු යවන්නන් කඩුළු 10ක් ලබා ගැනීමට සමත් විය..

මේ වනවිට බංගලාදේශයෙ නව දග පන්දු පුහුණු කරන්නා විදියට කටයුතු ‍කරන ශ්‍රි ලංකා දග පන්දු යවන්නෙක් වු රංගන හේරත් වීම විශේෂයි .

බෝහෝ විචාරකයින්ගේ අදහස නම් මෙම දස්කම් දැක්වීමට රංගන හේරත්ගේ අත්දැකීම් ඉවහල් වි ඇති බවය. මේ පිළිබදව ඕස්ටේලියානු ප්‍රබල දග පන්දු යවන ක්‍රිඩක ඇස්ටන් එගාර් ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

දඟ පන්දු යැවීමේදී උසින් අඩු ක්‍රීඩකයින්ට වාසියක් තිබේදැයි විමසූ විට අගාර් පැවසුවේ එය විශාල වාසියක් බවයි.. කෙටි පන්දු යවන්නන්ට කඩුල්ලේ වැදීමට බොහෝ දුරට ඉඩ ඇති අතර පන්දුව දිගු වේලාවක් ගුවනේ ඇති බව ඔහු පැවසීය.

හිටපු ශ්‍රී ලංකා පුරාවෘත්තයක් සහ වර්තමාන බංග්ලාදේශ පුහුණුකරු රංගන හේරත් එය කළ හොඳම ක්‍රීඩකයා බවත් එය දැන් බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතාවයෙන් පිළිබිඹු වන බවත් එගාර් පැවසීය.

ඇස්ටන් එගාර් ඕස්ටේලියානු මාධය වෙත පැවසු අදහස් පහතින්..

පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ගෙන් විස්සයි විස්ස ලෝක වාර්තාවක්…

පකිස්තාන කණ්ඩායමේ වර්තමාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ඊයේ දිනයේදී විස්සයි විස්ස තරග බිමේ වසරක් තුළ ලබා ගත් වැඩිම ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව තමා සතු කර ගැනීමට ඊයේ දින සමත් විය.

ඒ අනුව ඊයේ පැවති බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරගයේදී ලකුණු 46 ක් ලබා ගනිමින් මෙම වාර්තාව ඔහු සතු කර ගැනීමට හැකිවිය.මොහුට මෙම වාර්තාව පසු කිරීම සදහා වැය වූයේ මාස 7 ක පමණ කාලයක් වීම සුවිශේෂිම කරුණ වේ. ඒ අනුව මෙම මාස 7 තුළ රිස්වාන් තරග 14 කට ක්‍රීඩා කරමින් ලකුණු 752 ක් රැස් කරගෙන තිබේ.ඔහුගේ මෙම කාල පරිච්ඡේදය තුළ පිතිකරණ සාමාන්‍ය 94 කී.ඔහු මෙම ලකුණු සාමාන්‍යයට දෙවෙනි වනුයේ විරාත් කෝලි ට පමණි එනම් කොලිගේ 2016 වසරේ 106 ක සාමාන්‍යටය.

මෙම ලැයිස්තුවේ පිළිවෙලින්

1 Paul Stirling – 748 (in 2019)
2 Kevin O’Brien – 729 (in 2019)
3 Max O Dowd – 702 (2019)
4 Shikhar Dhawan – 689(2018) වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වසරක් තුළ වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාවක් රැස් කල ඇති ක්‍රීඩකයා වනුයේ 2009 වසරේ ඉනිම 12 ක දී ලකුණු 471 රැස් කර ගැනීමට සමත් වූ තිලකරත්න ඩිල්ෂාන් ය.

අයර්ලන්තය ,නෙදර්ලන්තය නැම්බියාව සමගින් ශ්‍රි ලංකාව A කාණ්ඩයට..

2021 ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් වර්ගීකරණයන් අද ( 16 ) දින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිය විසින් නිකුත් කරනු ලැබූවා..

ඒ අනුව සුපිරි 12 අතරට තේරී පත් වීම සදහා මූලික වටයේ කාණ්ඩ 2ක් යටතේ තරග පැවැත්වේ. එම කණ්ඩායම් A හා B ලෙස වර්ග කර ඇත.

A කාණ්ඩය යටතේ

ශ්‍රී ලංකාව
අයර්ලන්තය
නෙදර්ලන්තය
නැමිබියව ද

B කාණ්ඩය යටතේ

බංගලාදේශය
ස්කොට්ලන්තය
පැපුවා නිව්ගිනියාව
ඕමනය ද තරග වදිනු ලැබේ.

සුදුසුකම් ලැබීමේ තරග අවසානයේ A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින පළමු කණ්ඩායම දෙක සුපිරි 12 (සුපිරි වටය) දෙන අතරට එක් වේ.

සුපිරි වටයට අදාල කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම් වනුයේ.

පළමු කාණ්ඩය යටතේ

ඕස්ට්‍රේලියාව
දකුණු අප්‍රිකාව
එංගලන්තය
බටහිර ඉන්දීය කොදෙව්
A කාණ්ඩයේ ශුරයින්
B කාණ්ඩයේ ශූරයන්   තරග වැදීමට නියමිතව තිබේ.

දෙවන කාණ්ඩය යටතේ

ඉන්දියාව
නවසීලන්තය
ඇෆ්ගනස්ථානය
පකිස්ථානය
B කාණ්ඩයේ ශූරයින්
A කාණ්ඩයේ අනු ශූරයන්  තරග වැදීමට නියමිතය.

තවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදෙනය කර තිබෙනුයේ තරගාවලිය ඕමානයේ සහ එක්සත් එමීර් රාජ්‍යය යෙදී පවත්වන බවත් තරග කාල සටහන ඉදිරියේදී නිකුත් කරන බවත්ය.

 

කණ්ඩායම මුළුමනින්ම විනාශ කර දැමිය හැකිය – විරාට් කොලි

එක් තරඟයක් තුළ ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම තීරණය කිරීමට මම සම්පුර්ණයෙන්ම එකඟ නොවෙමි. එය ටෙස්ට් තරගමාලාවක් නම්, එය ටෙස්ට් තරග තුනකට වඩා වැඩි තරඟාවලියක් විය යුතුය – කුමන කණ්ඩායමට නැවත තරගාවලියට පැමිණීමේ හැකියාව තිබේද, නැතහොත් අනෙක් කණ්ඩායම මුළුමනින්ම විනාශ කර දැමිය හැකිය. වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් තරගාවලිය අවසන් වීමෙන් පැසු ඉන්දීය නායක වීරටි කොලි අදහස් දක්වන ලදි

ෂකිබ් අල් හසන්ගෙන් ප්‍රතිචාර

හිතවත් රසිකයන් සහ අනුගාමිකයෙනි, මගේ කෝපය නැති කර ගැනීම සහ සෑම කෙනෙකුටම සහ විශේෂයෙන් නිවසේ සිට බලා සිටින අයට තරගය විනාශ කිරීම ගැන මම අතිශයින් කණගාටු වෙමි. මා වැනි පළපුරුදු ක්‍රීඩකයෙකු එසේ ක්‍රියා නොකළ යුතුව තිබුනද සමහර විට එය අවාසනාවකට මෙන් සිදුවිය හැකිය. මෙම මානව වැරැද්ද සම්බන්ධයෙන් කණ්ඩායම්, කළමනාකාරිත්වය, තරඟාවලි නිලධාරීන් සහ සංවිධායක කමිටුවෙන් මම සමාව අයදිමි. අනාගතයේදී මෙම වරේදින් නැවත නොකිරීමට බලාපොරොත්තු වෙමි. ස්තූතියි, ඔබට ආදරෙයි.

ෂකිබ් අල් හසන්

ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය නවසීලන්තට..

නවසීලන්ත නායක කේන් විලියම්සන් සවුත්හැම්ප්ටන් හි පැවති ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කිරීම “විශේෂ හැඟීමක්” ලෙස විස්තර කර ඇති නමුත් එය නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම දිනය ලෙස හැඳින්වීමට තරම් දුර නොයනු ඇත.
ටෙස්ට් ශූරතා කුසලානය රැස් කිරීමට පෙර විලියම්සන් පැවසුවේ “නිසැකවම ඉතා සුවිශේෂී හැඟීමකි. සමීප පුද්ගලයන් කිහිප දෙනෙකු පසුව එක්..

“ඉන්දියාව ප්‍රබල පැත්තක්. අපි දැනගෙන හිටියා ක්‍රීඩාවට පැමිණීම ඇදහිය නොහැකි තරම් දැඩි අභියෝගයක් වනු ඇති බව.
“එය උච්චතම අවස්ථාවයි, එසේ නොවේ, අවසන් තරඟයට සම්බන්ධ වීම,” ඔහු පශ්චාත් තරඟ මාධ්‍ය හමුවේදී පැවසීය. “අන්තිම දවසට පැමිණීම පවා, එය කාලගුණය හා අප විසින් සිදු කරන ලද සියලු ප්‍රමාදයන් සමඟ එකතැන පල්වෙමින් පැවතුනද, සියලු ප්‍රති results ල මේසය මත විය.
“කණ්ඩායම් දෙකම නියමිත වේලාවට වේගවත් වන බව අපි දුටුවෙමු. ඉන්පසු හයවන දිනය අපූරු ක්‍රීඩාවක කොටසක් බවට පත්වීම සඳහා උපස්ථයක් ලෙස තබා ගැනීම. අපට එය අපගේ ඉතිහාසයේ ඉතා ආඩම්බර අවස්ථාවක් සහ ආඩම්බර අවස්ථාවක් , කණ්ඩායමක් වශයෙන්, අප හොඳින් කරන දෙයට ඇලී සිට ජයග්‍රහණය ලබා ගැනීම ඇත්තෙන්ම විශිෂ්ට හැඟීමකි. ”
2015 සහ 2019 දී අඛණ්ඩව පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරඟයේ හෘදයාබාධයෙන් පසුව – දෙවැන්න තරගය සහ පසුව පැවති සුපිරි ඕවර දෙකම සම කිරීමෙන් පසුව මායිම් ගණනය කිරීම්වල දැඩි පරාජයක් – මෙම ජයග්‍රහණය නවසීලන්ත සංචිතයකට මිහිරි සනාථ කිරීමකි. රටේ ඉතිහාසය. කෙසේවෙතත්, විලියම්සන් ඔහුගේ හැඟීම් පාලනය කරමින් සිටියේය.
“එය ඉතා සුවිශේෂී අවස්ථාවක් සහ අපූරු හැඟීමක්” ඔහු පැවසීය. “අපි මීට පෙර අවසන් තරඟ කිහිපයකට සම්බන්ධ වී සිටිමු. මම හිතන්නේ පළමු එක [2015] ඒක පාර්ශවීය, දෙවැන්න ඉතා සිත්ගන්නා සුළුය. මෙම හැඟීම ඒවාට වඩා ටිකක් වෙනස් ය, එය විශිෂ්ටයි. මම දනිමි කට්ටිය ඒක සමරයි.

– kane wiliamson –

බට්ලර්ට ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරි තරග අහිමි වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවැති පළමු 20 යි 20 තරගයේ දී ජොස් බට්ලර් ආබාධයට ලක් වී ඇත එම තරගයේදි බට්ලර් අර්ධ ශතකයක් වාර්තා කිරිමට සමත් විය…

ඒ අනුව ඔහු වෙනුවට ඩාවිඩ් මලාන් එක්දින සංචිතයට කැදවීමට එංගලන්ත ක්‍රිකට් බළධාරින් පියවර ගෙන ඇත

ලෝක කුසලානයට දින නියම වෙයි – 20/21

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2021 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව තුළ පැවිත්වීමට නොහැකි තත්වයකට පත්ව තිබේ

එමනිසා මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර ඇති බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ

සැලසුම් වලට අනුව තරගාවලිය ඔක්තෝබර් 17 වනදා ආරම්භ වන අතර නොවැම්බර් 14 වනදා අවසාන මහා තරඟය පැවැත්වීමට තීරණය කර තිබේ.

නමුත් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට ගත් තීරණය තවමත් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත නිල වශයෙන් දන්වා නැත

ඒ අනුව ලෝක කුසලානයේ පළමු වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වෙනු ඇත.පළමු වටය තරග 12කින් සමන්විත වේ. පළමු වටයේ තරග සදහා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ද ක්‍රීඩා කරනු ලැබේ.

පළමු වටයේ කණ්ඩායම් 8ක් තරග කිරීමට නියමිත අතර, පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 සුපිරි 12 වටයට සුදුුකම් ලබයි.

සුපිරි 12 වටය සදහා ශ්‍රේණිගත කිරීම් වල මුල් කණ්ඩායම් 8 මේ වන විටත් සුදුසුකම් ලබා ඇත. ඔක්තෝබර් 24 ආරම්භ වන සුපිරි 12 වටය තරග 30 කින් සමන්විත වේ.

කණ්ඩායම් 12 6 බැගින් කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩා කරනු ලැබේ ,ඩුබායි, අබුඩාබි සහ සාජාහී දී සියලු තරග පැවැත්වීමට නියමිතය

පසුගිය දිනක පැවිති සාකච්ජා වටයකදි icc ආයතනය විසින් සත්කාරකත්වය පිළිබද තීරණයක් ගැනීමට ඉන්දියාවට මාසයක කාලයක් ලබා දුනි ඒ මත පදනම් වෙමින් මෙවර තරඟාවලිය එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කරන ලද්දේ .