දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියේ කිසිදු පිතිකරුවෙකු නොලද ලෝක වාර්තාවක් අභියස..

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගයේදී ඉනිම් දෙක තුලද දිමුත් කරුණාරත්න හට ලකුණු 50 සීමාව පසුකර යැමට හැකි වුවහොත් වසර 100 කට වඩා පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට ඉනිම 8 කදී ලකුණු 50 සීමාව පසු කළ ලෝව එකම පිතිකරුවා බවට පත් වීමට දිමුත් කරුණාරත්නට හැකි වනවා..

දිමුත් කරුණාරත්න මෙම වසරේදී දිත්ව ශතකයක් ද සමගින්  සිය අවසන් ඉනිම් 6 තුළ ලකුණු 733 ක් ලබා ගෙන තිබෙනවා. විශේෂත්වය වන්නේ දිමුත් අහඹු ලෙස, මෙම අවස්ථා 6 කදීම ලකුණු 50 සීමාව පසු කර ඇති අතර පිට පිටම ඉනිම් 6 කදි ටෙස්ට් ලකුණු 50 සීමාව පසු කිරිමට ලොව ක්‍රිඩකයින් 25 දෙනෙකු සමත් වී ඇත.

මෙම පිතිකරු ලැයිස්තුවේ ඉනිම 6ක් තුළ ලකුණු 50කට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇති එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ හිටපු නායක කුමාර් සංගක්කාරයි. සංගක්කාර 2007 දී ද්විත්ව ශතක දෙකක් සහ ලකුණු 150+ දෙකක් සමඟින් කැපී පෙනෙන ලකුණු 915ක් රැස් කිරිමට සමත් විය.

එමෙන්ම පසුව 2014 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ත්‍රිත්ව ශතකයක් ඇතුළුව පිට පිට අර්ධ ශතක 7ක් රැස්කරමින් සංගක්කාර එම වාර්තාව පසු  කළේය. දිමුත් හට හෙට (29) තරගයේ පළමු ඉනිමේදී තවත් ලකුණු 50+ ලබා ගැනීමට හැකි වුවහොත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ පිට පිට වැඩිම (ඉනිම 7 කදී) ලකුණු 50+ රැස් කළ වාර්තාව සම කරමින් සංගක්කාර ඇතුළු පිතිකරුවන් 6ක් සමඟ එක් වීමට හැකි වනු ඇත.

සුපිරි ක්‍රිඩකයින් රැසැක් සමගින් ‘Kandy Warriors’ කණ්ඩායමේ විදෙස් ක්‍රිඩකයින්ගේ වෙනසක්..

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර මේ වනවිට කණ්ඩායම් හි අවසන් සංචිත , පුහුණු කාර්‍ය මණ්ඩල ක්‍රිඩක හුවමාරු විම් ප්‍රකාශයට පත් කරමින් සිටිනවා.

ඒ අනුව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රිඩක කෙටුම්පත් (draft) කිරීමේදී තෝරා නොගත් එංගලන්ත ක්‍රිඩක සුපිරි පිතිකරු (striking at over 150 in T20s) phil Salt එක් කර ගැනීමට ‘Kandy Warriors’ කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඔහු මේ වන විට Abu Dhabi T10 ලිගයේ ලකුනූ සටහනේ පළමු ස්තානයේ පසුවන Team Abu Dhabi කණ්ඩායම සමග එක් වී සිටින අතර Adelaide Strikers, Barbados Tridents වැනි ලිග් පිටියේ කණ්ඩායම් ද ඔහු නියෝජනය කර තිබෙනවා..

මේ වන Abu Dhabi T10 ලිගයේ වැඩිම ලකුණු ලාභියා වන බටහිර ඉන්දීය සුපිරි ක්‍රිඩක Rovman Powell ද ‘Kandy Warriors’ කණ්ඩායම සමග එක් වීමට නියමිතය.

එමෙන්ම ‘Colombo Stars’ කණ්ඩායමේ හිමිකාරිත්වය වෙනස් වීමත් සමග මගින් එම කණ්ඩායමෙන් ඉවත් කළ විදෙස් ක්‍රිඩකයින් වන ,පකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රිඩක Mohammed Irafan, පකිස්තාන ආරම්භක පිතිකරුවකු වන Ahmed Shehzad සහ බංගාලදේශ වේග පන්දු යවන ක්‍රිඩක Al Amin Hossain යන විදෙස් ක්‍රීඩකයින් ‘Kandy Warriors’ කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා..

මුරුසියේ සහ කෙන්‍යාවේ පැවැති අයි.සී.සී අනුමැතිය හිමි නොවූ ක්‍රිකට් තරගාවලියක් සදහා සම්බන්ධ වූ ක්‍රිඩකයින් කිහිප දෙනෙක්ම කොළඹ කණ්ඩායම මිලදි ගැනිමත් සමග ඒ බව ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) විසින් පෙන්වා දීම හේතුවෙන් කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය ද පසුගියදා සොෆ්ට්ලොජික් සමාගම විසින් හිමි කර ගත් අතර එත් සමගින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතව සිටි කිහිප දෙනෙකුම තරගාවලියෙන් ඉවත් කර ඇති බව වාර්තා පසුගිය දා වාර්තා විය.

 

 

කොදෙව්වන් සමග දෙවන තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු කිරිමට නියමිතයි – දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත්විය.

(Photo by ISHARA S. KODIKARA/ via Getty Images)

පලමු ඉනිමේදී ලකුණු 146 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 83 ක් ලබාගත් නායක දිමුත් කරුණාරත්න තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදි යොදා ගැනිමට නියමිත සැලසුම් හා ටෙස්ට් ලෝක කුසලාන තරගාවලිය පිළිබද කෙටි අදහස් දැක්විමක් සිදු කළා.

එහීදී ඔහු පැවසුවේ එළබෙන 29 වනදා ආරම්භ වන කණ්ඩායමේ දී තවත් පිතිකරුවෙක් සමඟින් දෙවන තරඟය ක්‍රීඩා කරන බවයි.. එමෙන්ම මෙවර ටෙස්ට් ශූරතාවලියේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවන තම කණ්ඩායම තරඟාවලියෙන් තරඟාවලියට සැලසුම් සකස් කරමින් ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන බවත් ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් නායක දිමුත් කරුණාරත්න පැවසුවා..

මෙම මාධ්‍ය සාකච්චාවේදී දිමුත් කරුණාරත්න පැවසු අදහස් පහතින්,

“අපේ කණ්ඩායමේ දඟපන්දු යවන්නන් තුන්දෙනාම ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ඒ නිසා ඒ තුන්දෙනා ක්‍රීඩා කරන කොට මටත් ලේසි වුණා. නමුත් අපේ පිතිකරණයේදි පොඩි ප්‍රශ්නයක් තියනවා, මොකද අපි ඊලඟ තරඟයේදී කාසියේ වාසිය පරාජය වුනොත් අපිට හතරවන ඉනිම ක්‍රීඩා කරන්න වෙනවා. ඒ නිසා පලවෙනි කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ගෙන් එක් වෙනස්කමක් සිදුකරන්න ඉඩ තියනවා. නමුත් තව පිතිකරුවෙක් කණ්ඩායමට ගන්න කොට හරියටම කියන්න බැහැ කණ්ඩායමෙන් ඉවත්කරන්නේ පිතිකරුවෙක් ද නැත්නන් වේගපන්දු යවන්නෙක් ද කියලා. ඊලඟ තරඟයේදි ඒ දෙකෙන් එකක් වෙන්න ඉඩ තියනවා.”

“අපි තරඟ ප්ලෑන් කරද්දී තරඟාවලියෙන් තරඟාවලියට තමයි ප්ලෑන් කරන්නේ. ආරම්භයේදීම තරඟ සියල්ලටම එකපාරටම ප්ලෑන් කරන්න ගියොත් අපිට කිසිදෙයක් සිදු කරගන්න බැරිවෙනවා. මුලින්ම කියන්න ඕනේ අපි ලංකාවේ තියන තරඟාවලි සියල්ල අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕනේ. ටෙස්ට් ශූරතාවයේ රැඳිලා ඉන්නනම් ඒක අත්‍යවශ්‍යම දෙයක්.. අනිත් එක ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ගත්තොත් එයාලා ගොඩාක් ටෙස්ට තරඟ ක්‍රීඩා කරනවා. නමුත් අපිට හරිම අඩුවෙන් තරඟ ලැබෙන්නේ. මම හිතන්නේ අපිටත් ගොඩාක් තරඟ ලැබෙනවානම් අපේ තරුණ ක්‍රීඩකයින්ට ගොඩාක් ඉගෙන ගන්න දේවල් ලැබෙනවා. එක්දින හා විස්සයි විස්ස වලට වඩා ටෙස්ට් ක්‍රිකට් වලින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.”

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

 

ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් නිරෝෂන් දික්වැල්ල ට පංච පුද්ගල කමිටුවෙන් දඩුවම්..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා  කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තවාකලික තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි.

මොවුනගේ විනය විරෝධී හැසිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබුණි.එසේම පසුගිය සතියේ ඔවුන් සම්බන්ධ චෝදනා පත්‍රය භාර දී තිබූ අතර එයට පිළිතුරු දීමට දින තුනක කාලයක් ඔවුනට ලබා දී තිබුණි.
අද දින (29) ඉහත ක්‍රීඩකයන් ට එරෙහිව විනය පරීක්ෂනය පංච පුද්ගල කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙදී පැවැත් වූ අතර ඔවුන්ට එරෙහිව දඩුවම් එහිදී නියම කරන ලදී.

මෙම කමිටුව විසින් අදාල වාර්තාව ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති අතර වහාම එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාට ඇමරිකානු ඩොලර් 25,000ක හා වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවන ලදි.

එසේම නිරෝෂන් දික්වැල්ල හට මාස 18 ක තහනමක් ලබා දී තිබූ අතර එසේ කිරීමට හේතුව යූයේ මෙය ඔහුගේ පළමු වැරැද්ද හේතුවෙනි එසේම ඔහුටද ඇමරිකානු ඩොලර් 25,000ක දඩයක් නියම කර තිබේ.

මෙම දඬුවම නියම කළ පංච පුද්ගල කමිටුව වූයේ   වූයේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යාංශයෙහි හිටපු හිටපු නීති උපදේශක පණ්ඩුක කිර්තිනන්ද, නීතිඥ අසේල රැකව,නීතිඥ උචිත වික්‍රමසිංහ සහ මේජර් ජෙනරාල් M R W ද සොයියා ය.

මුලාශය ; අද පුවත් පත

අවසන් විස්සයි විස්ස තරග දෙක සදහා ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ අඩුවක්…

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ඊයේ (25)  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය. එහිදි ලකුණු 38 ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය..

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට ( 27 ) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී  රාත්‍රි 8 ට ආරම්භ විමට නියමිතය.

ඊයේ තරගයේදි විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කල චරිත් අසලන්ක පාදයේ අබාදයකට ලක්ව ඇති බවට වාර්තා වනවා.. තරගයෙන් අනතුරුව චරිත් අසලංකගේ MIR පරික්ෂණයක් සිදු කර ඇති අතර එහි වාර්තාව අනුව ඉදිරි තරග 02 සදහා ඔහුගේ සහභාගිත්වය තිරණය කිරිමට නියමිතව ඇත.

එමෙන්ම ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් නිසා භානුක රාජපක්ෂට ඉන්දියාවට එරෙහි විස්සයි විස්සයි තරගාවලියම අහිමි වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම පැතුම් නිස්සංක ද පුහුණුවීම් අතරතුර පන්දුවක් අතේ වැදීම නිසා ආබාධයකට ලක්ව ඇති බවත් ඔහු ද වෛද්‍ය පරීක්ෂණකට ලක් කර ඇති අතර එහි වාර්තාව ලැබීමෙන් පසුව ඉදිරි තරග 02 සදහා ඔහුගේ සහභාගිත්වය තිරණය කිරිමට නියමිතව ඇත.

එම හේතුවෙන් ශ්‍රි ලංකා සංචිතය තුල සිටින මුල්පෙළ පිතිකරුවන් රැසැක් නොමැතිව හෙට තරගයට ශ්‍රි ලංකා කණ්ඩායම පිවීසීමේ වැඩි ඉඩකඩක් ඇත.

එමෙන්ම මෙම තරගාවලියට පෙර සිටම වේගපන්දු යවන බිනුර ප්‍රනාන්දු සහ ලහිරු කුමාර ද අබාදයන්ට ලක් වී ඇත.

 

 

කුසල් මෙන්ඩිස්, ගුණතිලක, දික්වැල්ල පිළිබද අවසන් තීරණයට දින නියම වෙයි..

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ඉකුත් දිනයකදී නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටියේ.

තමන් මේ වන විට 29 හැවිරිදි වියේ පසු කරමින් සිටින බවත් එය සෑම ක්‍රීඩකයෙකු ගේ හොදම කාලය බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.එසේම එම ලිපිය මගින් ඔහු තව දුරටත් පවසා ඇත්තේ ඒවෙනි වරදක් තමා සිදු කළ පළමු අවස්ථාව බවත් එමනිසා තමාට පුහුණු විම් සදහා හෝ අස්ථාව ලබා දෙන මෙන් ය.

මොවුනගේ විනය විරෝධී හැසිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර විශ්‍රාම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබුණි.එසේම පසුගිය සතියේ ඔවුන් සම්බන්ධ චෝදනා පත්‍රය භාර දී තිබූ අතර එයට පිළිතුරු දීමට දින තුනක කාලයක් ඔවුනට ලබා දී තිබුණි.එමෙන්ම වාර්තා වන ආකාරයට අනුව මෙම ක්‍රීඩකයන් තිදෙනාම පිළිතුරු ලබා දී ඇති බවටයි සදහන් වනුයේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කරනු ලැබුවේ දික්වැල්ල මෙනඩිස් හා ගුණතිලක ඔවුනට එල්ල වි තිබෙන චෝදනා සම්බන්ධයෙන් වරදකරු ලෙස වරද පිළිගතහොත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවය.

එසේම ඉදිරි සතිය තුල තිදෙනා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය තීරණයක් ගැනීමට නියමිත බවද හෙතෙම සදහන් කරන ලදී.

ඔවුන් හා ගනු ලබන අවසාන තීරණයත් සමග ඉදිරි සංචාර සදහා එනම් දකුණු අප්‍රිකානු හා වසරේ අවසාන කාලය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කරා තිබෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා තෝරාගනු ලබනවාද යන්න තීරණය කිරීමට නියමිතව තිබෙන බවද සිල්වා මහතාගේ අදහස විය.

චන්දිමාල්ට ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් උපදෙස්..

දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් මීට දින කිහිපයකට පෙර පවසා සිටියේ ටෙස්ට් සහ සුදු පන්දුවෙන් ඉදිරියේදී තමාව තෝරා ගන්නවා ද නැද්ද යන්න සනාථ කරන ලෙස ඉල්ලමින්ය. එසේම ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවිය පිළිබඳව සාකච්ජා කිරීමට අරවින් ද සිල්වා සහ තේරීම් කමිටුව සමග හමුවක් ද ඉල්ලා තිබුණි.

චන්දිමාල් : “මගේ ක්‍රිකට් අනාගතය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡා කිරීමට මා කැමතියි. මෙය මාගේ වෘත්තිය බැවින්, මේ අවස්ථාවේ දී මාගේ අනාගතය සඳහා නිවැරදි හා වඩාත්ම උචිතම තීරණ ගැනීම මට ඉතා වැදගත් වේ.”

ඔහු ගේ මෙම ඉල්ලීමට අනුව ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමග සාකච්ඡාවක් මීට දින කිහිපයකට පෙර පැවැත්වූ අතර එහිදී කමිටුව විසින් චන්දිමාල් හට පවසා ඇත්තේ. ඉදිරියේදි පැවැත්වෙන සිමිත පන්දුවාර තරග සදහා නැවත සලකා බැලිමට නම් නැවත දේශිය තරගාවලි වලදි හොදින් දක්ෂතා දක්වන ලෙසය. නමුත් ඉදිරි ටෙස්ට් තරග සදහා චන්දිමාල් ව සලකා බැලිමට කටයුතු කරන බව කමිටුව විසින් දිනේෂ් චන්දිමාල් වෙත පවසන ලදී.

ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන දේශීය තරග බිමේ චන්දිමාල් දස්කම් අතරට පැමිණිය යුතු වේ.

ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකුට අද තරගය අහිමි වෙයි..

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තෙවන එක්දින තරගය අද (23) පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

දග පන්දු යවන ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා කෙසේ වෙතත්, ඔහුගේ ආබාධය බරපතල තත්ත්වයක නොපවතින බවයත් ඉන්දියාව සමග පැවැත්වෙන 20 20 තරගාවලියට ක්‍රිඩා කරන බවත් සදහන්..

එමෙන්ම කසුන් රාජිත ද ආබදයකට ලක්ව ඇති බව ඊයේ පැවති මාද්‍ය හමුවේදි නායක දසුන් ශානක පවසා සිටියා..

එ බැවින්  ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සදහා වෙනස්කම් දෙකක් සහිතව ක්‍රිඩා කිරිමට නියමිතයි.

ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු , මිනෝද් භානුක, භානුක රාජපක්ෂ,දනංජය ද සිල්වා , චරිත් අසලංක, දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්,චාමික කරුණාරත්න, අකිල ධනංජය,ලක්ෂාන් සදකැන් සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින්ගෙන් තෙවැනි තරගය සදහා ක්‍රීඩා කිරීමට බෝහෝ ඉඩකඩක් තිබෙනවා.

 

මම හිතන්නේ ඒ කතාබහ විවේකාගාරයේ සිදුවිය යුතුව තිබුණු දෙයක් – දසුන් ශානක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරග පසුගිය දා අවසනාවන්ත ලෙස ශ්‍රි ලංකාව පරාජයට පත් විමෙන් අනතුරුව දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර්  අතර ක්‍රීඩාංගනයේ දී ඇති වූ කතාබහක් සමාජ මාද්‍ය මගින් ප්‍රචාරය විය.

ඒ සම්බන්ධයෙන් තෙවැනි එක්දින තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(22) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්  දසුන් ශානක අද අදහස් පල කළා.

පුහුණුකරු හා තමා අතර සිදු වූ එම සංවාදය ක්‍රීඩක විවේකාගාරයේ දී සිදු විය යුත්තක් බවයි දසුන් ශානක ද මෙම මාධ්‍ය හමුවේ දී සදහන් කළේ.

“මම හිතන්නේ ඒක Dressing room එකේ වෙන්න ඕනෙ දෙයක් තමයි ක්‍රීඩා පිටියේදි වුණේ.” 

“කෝච්ට දැනගන්න ඕනෙ වුණේ අපි ප්ලෑන් කරපු දේවල්වලින් පිට ගියාද කියල. මම කීව ප්ලෑන් කරපු දෙයින් පිට ගියේ නැහැ කියලා. ඒ සාකච්ඡාව විතරයි පැවැත්වුණේ. මම පැහැදිලි කරල දුන්නා විතරයි මේ දේ තමයි එතන වුණේ කියන එක” යනුවෙන් දසුන්  ශානක අදහස් පළ කළා.

මිට පෙර  මිකි ආතර් ටුවිටර් පණිවිඩයක් මගින් මේ පිළිබද අදහස් පළ කර තිබුණා..

මෙයාලා රටේ ලාංඡනය පළදින්න බැ කිව්වා.. 4 දෙනෙකු නිසා ක්‍රිඩකයින් 36 දෙනෙකුගේ ක්‍රිඩා ජිවිතය අනතුරේ – මුරලි

ශ්‍රී ලංකාව බිහි කළ ලොව සාර්තකම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් තත්ත්වයන් පිළිබඳව ඊයේ හිරු සළකුණ වැඩසටහනට එක් වෙමින් අදහස් දක්වමින්  පවසා සිටීයේ ශ්‍රි ලංකා ක්‍රිකට් ඉහළ ට ගැනීම කල හැක්කේ ක්‍රිඩා කරන ක්‍රිඩකයින් ට පමනක් ම බවය..

එමෙන්ම කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රිඩකයින් ගේ ක්‍රියා කලාපය පිලිබද දැඩි කළකීරීමෙන් පසුවන බවද හෙතෙම පවසා සිටියා..

ජේෂ්ඨ ක්‍රීඩකයන් තරුණ නව ක්‍රීඩකයන්ට ක්‍රීඩා කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන ලෙස පවසා තිබේන බවත්  ඔවුන් කිහිපදෙනෙකු මුරලි සමග කියා සිටියේ එය අත්සන් කිරීමට වඩා සතුටට පත් වන නමුත් අපි අසරණව සිටින බව යනුවෙනි…

මෙනිසා ජේෂ්ඨ ක්‍රීඩකයන් 4 දෙනෙකු නිසා ක්‍රීඩකයන් 35 කට වැඩි ප්‍රමාණයක ක්‍රිකට් දිවිය අවදානමකට ලක්ව තිබෙන බවත්‍ ය..

නීතීඥ වරයෙකු විසින් තමාගේ ජනප්‍රියත්වය පවත්වා ගැනීමට මෙම සියල්ල සිදු කරමින් පවතින බවත්… මෙම ක්‍රීඩකයන් සංචාර ගිවිසුම් පවා අත්සන් කිරීමට එකඟ නොවීය එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරය කරන විට වෘත්තීය ක්‍රීඩකයෙකු ලෙස අත්සන් කරන කොන්ත්‍රාත්තුවද ඔවුනට අවශ්‍ය නොවන බවද ක්‍රිඩකයින් තරයේ පවසා සිටිය බව මුරලි පවසා සිටියා..

මොවුන් මුදල් සදහා කෑදර වන අතර ක්‍රීඩාව ගැන රට ගැන කිසිම තැකීමක් සිදු නොකරන බවත් ඔවුන් කුමන දේ කළත් අවසානයේ වග කිව යුත්තේ ක්‍රිඩා කරන ක්‍රිඩකයන් පමනක්ම බව..

තවද මුරලි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පිළිබඳවද ඔහුගේ අදහස් පළ කරන ලදි.

මෙහිදී ඔහු පවසා සිටියේ අවුරුදු 49 ක් වුවත් කිලෝමීටර 2ක් දිවීම සදහා ඔහුට ගත වන කාලය මිනිත්තු 9 ක පමණ කාලයක් බවයි. කවුරුන් හෝ ඔහුට අභියෝග කලතොත් ඔහු එය මිනිත්තු 8 යි තප්පර 33 කින් නිමා කරන බවයි..

එසේම ශාරීරික යෝග්‍යතාව ක්‍රීඩාවේ විනයක් බවත් ඔහු පවසන ලදී.මම ටෙස්ට් තරග 133ක් ක්‍රීඩා කරලා තියේ.ශාරීරික යෝග‍යතාවය නිසා තම එපමණක් ක්‍රීඩා කල බව යන්න ඔහුගේ මතය විය.

එසේම මාලිංගට ඕවර් 4 ක් පන්දු යැවිය හැකි කියා ඔහු සුදුසුසුයි කියා ඉන් අදහස් නොකෙරේ… ඔහුගේ ක්‍රීඩා දිවිය ගත් විට ඔහු ටෙස්ට් තරග කියක් ක්‍රීඩා කර තිබේද යනුවෙන් ප්‍රශ්ණ කර සිටියහ..

ඔහු ජාත්‍යන්තර මට්ටමේ උවත් සෑම කෙනෙකුටම යෝග්‍යතා මට්ටම පරීක්ෂා කිරීමට රීතියක් ඇති විට ඔහුට පමණක් සුවිශේෂීත්වයක් තිබිය නොහැක යනුවෙන් මුරලි අදහස් දැක්විය…

ඔහු මේ පිළිබඳව පවසා සිටියේ මාලිංග ඉකුත් දිනකදී පන්දුවාර 4ක් තමාට එක එල්ලයේ යොමු කළ හැකි මුත් කිලෝමීටර 2 ක දුරක් දිවිය නොහැකි බවත් එනිසා ක්‍රීඩාවෙන් ඉවත්ව සිටිනවා යන ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

අප මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ගෙන ඒමට හේතුව වූයේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයන් 8 කු තුවාල ලැබූ අස්ථාවක කුමක් සිදු වුවද යන්න සියල්ලන් ඇසු නිසාය.නමුත් එසේ ඇසු සියලු දෙනාම අද එම පරීක්ෂනය තේරුමක් නැති බව පවසා සිටිනවා.

එමෙන්ම එංගලන්තයේදි විනය වීරෝදි ලෙස කටයුතු කල දික්වැල්ල , ගුනතිලක සහ මෙන්ඩිස් යන ක්‍රිඩකයන්ට ලබා දෙන දඩුවම තාක්ෂණික කමිටුව විසින් මේ වන විටත් තිරණය කර අවසන් කර ඇති බවත් මූලික පරික්ෂණ වලින් අනතුරුව එම දඩුවම ක්‍රියත්මක කරන බවත් මුරලි වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියා…