මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන පකිස්තාන සංචිතය නම් කරයි…

පකිස්ථාන ක්‍රිකට් ආයතනය අයි.සී.සී ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද(06) නම් කරන ලදී.

මෙහි නායකත්ව බාබර් අසාම් (නායක) හට හිමිව තිබේ. ෂදාබ් ඛාන් උප නායක ලෙස කටයුතු කරනු ඇත.
ඒ අනුව :

01 බාබර් අසාම් (නායක)

02 ෂදාබ් ඛාන් (උප නායක)

03 අසිෆ් අලි

04 අසාම් ඛාන් (කඩුලු රකින්නා)

05 හාරිස් රවුෆ්

06 හසන් අලි

07 ඉමාඩ් වසීම්

08 කුෂ්දිල් ෂා

09 මොහොමඩ් හෆීස්

10 මොහොමඩ් හස්නයින්

11 මොහොමඩ් නවාස්

12 මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා)

13 මොහොමඩ් වසීම් ජූනියර්

14 ෂහීන් ෂා අෆ්රිඩි

15 ෂෝයිබ් මක්සූද්

මීට අමතරව ෆකාර් සමාන්, ෂහ්නවාස් දහනි සහ උස්මාන් කදිර් යන ක්‍රීඩාකයන් ද සංචාරය සඳහා එක්වේ (සංචාරක සංචිතය Traveling reserves)

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන හිටපු නායක සර්ෆාස් අහමඩ්, වහාබ් රියාස් සහ කණ්ඩායමේ සිටින ජේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් හට මෙවර සංචිතයේ දොර විවර නොවීම මෙහි පුදුමයට කරුණකි.

Leave a Comment