දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා සමග පැවැත්වෙන ඉතිරි තරග අහිමි වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 14 ක තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (02) හැකියාව ලැබුණා.

ඊයේ (02) දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමා පිතිකරණයේ යෙදෙන විට අවිශ්ක ප්‍රනාන්දු කඩුලු රකින ක්‍රිඩක මිනෝද් භානුක හට යැවූ පන්දුක් මාපටැඟිල්ලට වැදීමෙන් ලකුණු 38 ක් ලබා සිටියදී ක්‍රිඩාගාරයට වෙත යැමට සිදු වුණා. මේ හෙතුවෙන් ශ්‍රී ලංකා සමග පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමට ඉඩ ඇති බව අපට දැනගන්නට ලැබී ඇත.

ඔහුගේ මාපටැඟිල්ලේ ස්කෑන් පරීක්ෂණ සඳහා ඔහුව නවලෝක රෝහල වෙත ඊයේ දින (02) රැගෙන ගොස් තිබෙන අතර එම වාර්තාව පැමිණිමත් සමග මෙම තීරණයට ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කළමණාකරිත්වය කටයුතු කරනු ඇති බව වැඩි දුරටත් සදහන්,

“ඔහුගේ අගිල්ලේ අස්ථි බිඳීමක් ඇති අතර සති හතරක පමණ විවේකයක් අවශ්‍යයි. මේ වන විට ඔහුට කිසිදු ශල්‍යකර්මයක් අවශ්‍ය බවක් නොපෙනේ ” යනුවෙන් කණ්ඩායම් කළමනාකරණය සමඟ සම්බන්ධ වූ එක් මූලාශ්‍රයක් පැවසීය.

කණ්ඩායම් කළමනාකරණය ඔහුව නැවත දකුණු අප්‍රිකාව වෙත යැවීමට සලකා බලන බවත් එමඟින් ඔහුට ලෝක කුසලානයට පෙර සුවය ලබා ගත හැකි වනු ඇත, ”මූලාශ්‍රය තවදුරටත් පැවසීය.

Leave a Comment

Exit mobile version