කුසල් ජනිත් පෙරේරාට දකුණු අප්‍රිකාව සමග අවසන් එක්දින තරගය අහිමි වෙයි..

හෙට (07) පැවැත්වීමට නියමිතව ඇති ‍ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන සහ අවසන් තීරණාත්මක එක්දින තරගයට ශ්‍රි ලංකා හිටපු නායක කුසල් ජනිත් පෙරේරා එක්වීම අවිනිශ්නිත බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටියා.

ඒ අනුව තීරණාත්මක තෙවන තරඟයේදී මිනෝද් භානුකට හෝ දිනේෂ් චන්දිමාල්ට ඔහුගේ ස්ථානය අහිමි වනු ඇත.

එංගලන්ත සංචාරයේදි වූ ආබාධ තත්ත්වයක් හා ඉන් පසුව කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට ඉන්දීය තරගාවලිය සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය කුසල් ජනිත් පෙරේරාට අහිමි විය.

ඒ අනුව දකුණු අප්‍රිකාව සමග විස්සයි විස්ස තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්විමට වැඩි ඉඩක් පවතී.

Leave a Comment

Exit mobile version