ශ්‍රි ලංකා ක්‍රිඩකයින් දෙදෙනෙකුට මෙවර අබුඩාබි T10 ලීගයේ කණ්ඩායම් හුවමාරුවක්…

ශ්‍රී ලංකා ක්‍රිඩකයින් වන මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න මෙවර අබුඩාබි T10 ලීගයට එක්වන නවතම කණ්ඩායම වන The Chennai Braves කණ්ඩායමට එක් කර ඇති බව අබුඩාබි T10 සංවිධාකයින් නිවේදනය කළා.

මීට පෙර මහීෂ් සහ චාමික යන ක්‍රීඩකයින් දෙදෙනා මෙවර අබුඩාබි T10 ලීගයේ ක්‍රිඩකයින් කෙටුම්පත් කිරීම (Draft) කිරීමේදී  Maratha Arabians කණ්ඩායම විසින් මිලදී ගත් අතර එලෙසම Maratha කණ්ඩායම මිලදී ගත් Nicholas Pooran, Darren Bravo, Yusuf Pathan යන ක්‍රීඩකයින්ද මෙම නව The Chennai Braves  කණ්ඩායමට ක්‍රීඩා කරන බව නිවේදනය කර ඇත.

මෙවර අබුඩාබි T 10 තරගාවලිය සදහා ක්‍රිඩකයින් කෙටුම්පත් කිරීම (Draft) පසුගිය මස (7) දින පැවැත්විණි. එහිදි තරග වදින කණ්ඩායම් 6 අතුරින් කණ්ඩායම් 4 ක් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 8 දෙනෙකු තෝරා ගත් අතර ඩෙකැන් ග්ලැඩියේටර් කණ්ඩායම ශ්‍රී ලංකා දග පන්දු යවන වනිදු හසරංග හා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඉසුරු උදාන ද ක්‍රිඩකයින් කෙටුම්පත් කිරීමට එක් නොකොට තව දුරටත් තම කණ්ඩායම තුළ රදවා ගැනීමට තීරණය කර කළා . එමෙන්ම මීට දින කිහිපයකට ප්‍රතම Northern Warriors කණ්ඩායමෙන් ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රිඩක බිනුර ප්‍රනාන්දු මිලදී ගත් බව නිවේදනය කළා.

ඒ අනුව මෙවර අබුඩාබි T 10 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 09 දෙනෙක් තෝරා ගෙන තිබේ,

Decan Gladiators

කණ්ඩායම සදහා තුන් ඉරියව් ක්‍රීඩක වනිදූ හසරංග ක්‍රීඩා කිරීමට නියමිතය.

Bangla Tigers

ඉසුරු උදාන සහ මතිශ පතිරණ යන ක්‍රීඩකයන් තම කණ්ඩායම සදහා තෝරා ගෙන තිබේ.

Maratha Arabians

මෙම වෙනුවෙන් වේග පන්දු යවන දුෂ්මන්ත චමීර සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ක්‍රීඩා කරනු ඇත.

Northern Warriors

කණ්ඩායම විසින් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු උපුල් තරංග සහ වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු තම කණ්ඩායම සදහා මිලදී ගෙන තිබේ.

The Chennai Braves

කණ්ඩායම මෙවර T 10 තරගාවලියේ නව කණ්ඩායමක් වන අතර ගියවර Maratha කණ්ඩායමෙහි ක්‍රීඩා කළ මහිශ් මෙන්ම නිකොලස් පුරාන් , ඩැරන් බ්‍රාවෝ , යූසෆ් පතාන් යන ක්‍රීඩකයන් මෙවර එම කණ්ඩායම හා එක්වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මහිශ් තීක්ෂන සහ චාමික කරුණාරත්න මෙවර එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

මෙවර තරගාවලිය එළැඹෙන නොවැම්බර් මස 19 දින සිට දෙසැම්බර් 04 දින දක්වා පැවැත්වීමට නිමිතය.

 

 

Leave a Comment