මෙවර එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලිය ශ්‍රි ලංකා පිතිකරුවන් වර්ණවත් කරයි..

මෙවර එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සඳුන් වීරක්කොඩි ක්‍රීඩා කරන Lalitpur patriots කණ්ඩායම සහ ඩිල්ශාන් මුණවීර ක්‍රිඩා කරන Biratnagar Warriors කණ්ඩායම අතර තවත් තරඟයක් අද (01) පැවති අතර එම තරගයේදී ලකුණු 50 ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට Lalitpur patriots කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Lalitpur patriots කණ්ඩායම පන්දුවාර විස්ස තුල කඩුලු 5ක් දැවී ලකුණු 226 ක් ලබාගැනීමට සමත්විය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සදුන් වීරක්කොඩි පන්දු 43 කදී 4 පහර 10ක් හා 6 පහරවල් 3ක් සමඟින් ලකුණු 73ක් ලබාගැනීමට සමත් වුණා. අද ලබාගත් අර්ධ ශතකයක් සමගින් සදුන් වීරක්කොඩි මෙම තරගාවලියේදී පිට පිටම ලබාගත් දෙවන අර්ධ ශතකය ද මෙය වනවා.

227 ඉලක්කයක් හඹායාමට පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ Birantnagar Warriors කණ්ඩායමට පන්දු වාර 20 තුළදි ලබාගත හැකි වුයේ ලකුණු 189 ක් පමණි. මෙම ඉනීමේ දී ඩිල්ශාන් මුණවීර පන්දු 39 කදී 4 පහර 5ක් හා 6 පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව තරඟය ලකුණු 37 ක ජයක් වාර්ථා කිරීමට සදුන් වීරක්කොඩි ප්‍රමුඛ Lalitpur patriots කණ්ඩායම සමත් විය.

Leave a Comment