දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියේ කිසිදු පිතිකරුවෙකු නොලද ලෝක වාර්තාවක් අභියස..

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගයේදී ඉනිම් දෙක තුලද දිමුත් කරුණාරත්න හට ලකුණු 50 සීමාව පසුකර යැමට හැකි වුවහොත් වසර 100 කට වඩා පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට ඉනිම 8 කදී ලකුණු 50 සීමාව පසු කළ ලෝව එකම පිතිකරුවා බවට පත් වීමට දිමුත් කරුණාරත්නට හැකි වනවා..

දිමුත් කරුණාරත්න මෙම වසරේදී දිත්ව ශතකයක් ද සමගින්  සිය අවසන් ඉනිම් 6 තුළ ලකුණු 733 ක් ලබා ගෙන තිබෙනවා. විශේෂත්වය වන්නේ දිමුත් අහඹු ලෙස, මෙම අවස්ථා 6 කදීම ලකුණු 50 සීමාව පසු කර ඇති අතර පිට පිටම ඉනිම් 6 කදි ටෙස්ට් ලකුණු 50 සීමාව පසු කිරිමට ලොව ක්‍රිඩකයින් 25 දෙනෙකු සමත් වී ඇත.

මෙම පිතිකරු ලැයිස්තුවේ ඉනිම 6ක් තුළ ලකුණු 50කට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇති එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ හිටපු නායක කුමාර් සංගක්කාරයි. සංගක්කාර 2007 දී ද්විත්ව ශතක දෙකක් සහ ලකුණු 150+ දෙකක් සමඟින් කැපී පෙනෙන ලකුණු 915ක් රැස් කිරිමට සමත් විය.

එමෙන්ම පසුව 2014 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ත්‍රිත්ව ශතකයක් ඇතුළුව පිට පිට අර්ධ ශතක 7ක් රැස්කරමින් සංගක්කාර එම වාර්තාව පසු  කළේය. දිමුත් හට හෙට (29) තරගයේ පළමු ඉනිමේදී තවත් ලකුණු 50+ ලබා ගැනීමට හැකි වුවහොත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ පිට පිට වැඩිම (ඉනිම 7 කදී) ලකුණු 50+ රැස් කළ වාර්තාව සම කරමින් සංගක්කාර ඇතුළු පිතිකරුවන් 6ක් සමඟ එක් වීමට හැකි වනු ඇත.

කොදෙව්වන් සමග දෙවන තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු කිරිමට නියමිතයි – දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත්විය.

(Photo by ISHARA S. KODIKARA/ via Getty Images)

පලමු ඉනිමේදී ලකුණු 146 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 83 ක් ලබාගත් නායක දිමුත් කරුණාරත්න තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදි යොදා ගැනිමට නියමිත සැලසුම් හා ටෙස්ට් ලෝක කුසලාන තරගාවලිය පිළිබද කෙටි අදහස් දැක්විමක් සිදු කළා.

එහීදී ඔහු පැවසුවේ එළබෙන 29 වනදා ආරම්භ වන කණ්ඩායමේ දී තවත් පිතිකරුවෙක් සමඟින් දෙවන තරඟය ක්‍රීඩා කරන බවයි.. එමෙන්ම මෙවර ටෙස්ට් ශූරතාවලියේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවන තම කණ්ඩායම තරඟාවලියෙන් තරඟාවලියට සැලසුම් සකස් කරමින් ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන බවත් ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් නායක දිමුත් කරුණාරත්න පැවසුවා..

මෙම මාධ්‍ය සාකච්චාවේදී දිමුත් කරුණාරත්න පැවසු අදහස් පහතින්,

“අපේ කණ්ඩායමේ දඟපන්දු යවන්නන් තුන්දෙනාම ඉතාමත් හොඳින් පන්දු යැව්වා. ඒ නිසා ඒ තුන්දෙනා ක්‍රීඩා කරන කොට මටත් ලේසි වුණා. නමුත් අපේ පිතිකරණයේදි පොඩි ප්‍රශ්නයක් තියනවා, මොකද අපි ඊලඟ තරඟයේදී කාසියේ වාසිය පරාජය වුනොත් අපිට හතරවන ඉනිම ක්‍රීඩා කරන්න වෙනවා. ඒ නිසා පලවෙනි කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ගෙන් එක් වෙනස්කමක් සිදුකරන්න ඉඩ තියනවා. නමුත් තව පිතිකරුවෙක් කණ්ඩායමට ගන්න කොට හරියටම කියන්න බැහැ කණ්ඩායමෙන් ඉවත්කරන්නේ පිතිකරුවෙක් ද නැත්නන් වේගපන්දු යවන්නෙක් ද කියලා. ඊලඟ තරඟයේදි ඒ දෙකෙන් එකක් වෙන්න ඉඩ තියනවා.”

“අපි තරඟ ප්ලෑන් කරද්දී තරඟාවලියෙන් තරඟාවලියට තමයි ප්ලෑන් කරන්නේ. ආරම්භයේදීම තරඟ සියල්ලටම එකපාරටම ප්ලෑන් කරන්න ගියොත් අපිට කිසිදෙයක් සිදු කරගන්න බැරිවෙනවා. මුලින්ම කියන්න ඕනේ අපි ලංකාවේ තියන තරඟාවලි සියල්ල අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕනේ. ටෙස්ට් ශූරතාවයේ රැඳිලා ඉන්නනම් ඒක අත්‍යවශ්‍යම දෙයක්.. අනිත් එක ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ගත්තොත් එයාලා ගොඩාක් ටෙස්ට තරඟ ක්‍රීඩා කරනවා. නමුත් අපිට හරිම අඩුවෙන් තරඟ ලැබෙන්නේ. මම හිතන්නේ අපිටත් ගොඩාක් තරඟ ලැබෙනවානම් අපේ තරුණ ක්‍රීඩකයින්ට ගොඩාක් ඉගෙන ගන්න දේවල් ලැබෙනවා. එක්දින හා විස්සයි විස්ස වලට වඩා ටෙස්ට් ක්‍රිකට් වලින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.”

(Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

 

 

හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මහේල ජයවර්ධන සමග උපදේශක තනතුරට පත්කිරීමේ යෝජනාවක්..

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ සේවා කාලය අවසන් වේ. ඒ බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් ද පවසා සිටියහ.

ඒ අනුව මිකී ආතර්ගේ නික්ම යෑමෙන් පසුව ඒ සදහා මහේල ජයවර්ධන පත් කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබේ. ඔහුගේ කාර්යභාරය වනුයේ ප්‍රධාන පුහුණුකරු දුරය නොව උපදේශක පුහුණුරුවෙකුගේ කාර්යභාරය ය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මහේල ජයවර්ධන සමග උපදේශක තනතුර සඳහා පත් කිරීමට යෝජනා වී තිබේ. මෑතකදී විශ්‍රාම ගිය ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්ය.

තවද මහේල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා U 19 කණ්ඩායම, සමග කටයුතු කරන අතර මුම්බායි ඉන්දියන් සහ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමගද කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලබා දෙන බවට දක්වා තිබේ.

ජේෂ්ඨ කණ්ඩායම සමග වැඩි කාලයක් ගත කරනවාට වඩා බිම් මට්ටමේ කණ්ඩායම් ( ශ්‍රී ලංකා U 19 කණ්ඩායම) සංවර්ධනය කිරීම වැදගත් අංගයක් බව මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවට දන්වා ඇති බව සදහන් වනවා.

 

බටහිර ඉන්දිය කොදෙව් තරගාවලියට එක් වන ශ්‍රි ලංකා කණ්ඩායමට ක්‍රිඩකයින් 22 ක් ඇතුලත් කෙරේ..

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සහභාගි වන ක්‍රිඩකයින් 22 කින් යුත් ශ්‍රි ලංකා සංචිතය නම් කොට තිබෙනවා.  ලෝක ටෙස්ට් ශූරතාවයේ දෙවන අදියරෙහි ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර මෙම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා නම් කර ඇති ක්‍රිඩකයන් 22 දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ;-

දිමුත් කරුණාරත්න (C), ඕෂද ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, දනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනොද් බානුක, කමිල් මිශාර, රොශෙන් සිල්වා, රමේශ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ප්‍රවින් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය, ලක්ෂාන් සදකෑන්, සුමින්ද ලක්ෂාන්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමිර, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, චාමික ගුණසේකර

තරගාවලිය නොවැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා කොදෙව් පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතය.

 

මෙවර LPL තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) ලබන (9) වනදා දක්වා කල් යයි..

මෙවර LPL තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙට (5) වැනිදා සිදු කිරීමට නියමිතව තිබුවත් මීට සුලු වේලාවකට පෙර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර නිවේදනයට අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) නොවැම්බර් 9 වන අගහරුවාදා දක්වා කල් දමා ඇත.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දිනයට පෙර සියලු කණ්ඩායම් සදහා පළමු අදියර ක්‍රීඩා කළ විදේශීය ක්‍රීඩකයන් 04 දෙනෙක් සහ දේශීය ක්‍රීඩකයන් 04 ක් කණ්ඩායම තුළ රදවා ගැනීම සදහා අවස්ථාව ලබා දී තිබේ.

LPL දෙවන අදියර ලබන මස ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායම් තුළ රදවාගන්නා ක්‍රීඩකයන් මේ වන විට නිවේදනය කරමින් පවතී. ඒ අනුව Jaffna කිංග්ස් කණ්ඩායම තුළ රදවාගන්නා විදේශීය ක්‍රීඩකයන් සහ දේශිය ක්‍රිඩකයින් සියලුම දෙනාගේ ඊයේ ( 3) දින නිවේදනය කළා.

ඒ අනුව Jaffna කිංග්ස් කණ්ඩායම තුළ ගිය වර නියෝජනය කළ ෂොයිබ් මලික් Overseas Gold player ලෙසත්, උස්මාන් ශින්වාරි Overseas Classic player ලෙසත් කණ්ඩායම තුළ රදවාගන්නා බව එම නිවේදනයේ දන්වා තිබුණි.

එසේම කිංග්ස් කාණ්ඩයමේ Overseas Icon player ලෙස එක් වූ දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ෆෆ් ඩූප්ලෙසි සහ Diamond player ලෙස එක් වූ පකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක වහාබ් රියාස් ද කෙටුම් පත් කැදවීමට පෙර තම කණ්ඩායම රදවාගන්නා බව දන්වා තිබේ.

පළමු අදියර මෙහෙයවූ තිසර පෙරේරා මෙවරද Jaffna කිංග්ස් කණ්ඩායම මෙහෙය වන අතර වනිදූ හසරංග, අවිශ්ක ප්‍රනාන්දු සහ මහීෂ් තික්ෂණ මෙවර Jaffna කණ්ඩායම රදවා ගත් දෙශිය ක්‍රිඩකයන් අතරට අයත් වේ.

මේ වන විට නිකුත් වී ඇති නිවේදන අනුව Jaffna කිංග්ස් කණ්ඩායම පමණක් ඔවුන් රදවා ගන්නා විදේශීය ක්‍රීඩකයන් 04 දෙනා සහ දේශීය ක්‍රීඩකයන් 04  නම් කර ඇත.

මීට අමතරව දඹුල්ල Giants කණ්ඩායමේ Overseas Icon player ලෙස දකුණු අප්‍රිකානු සුපිරි දග පන්දු යවන ක්‍රිඩක ඉම්රාන් තාහීර් ද දකුණු අප්‍රිකානු පිතිකරු Rilee Rossouw විදේශිය ක්‍රිඩකයින් ලෙස කෙටුම්පත් කිරීම (Draft) පෙර දඹුල්ල Giants කණ්ඩායම විසින් රදවාගෙන තිබේ. එමෙන්ම  චාමික කරුණාරත්න සහ දසුන් ශානකද දඹුල්ල කණ්ඩායම රදවාගත් බවට දඹුල්ල Giants නිළ වශයෙන්  නිවේදනය කර තිබේ.

එමෙන්ම Dabulla gaints කණ්ඩායමේ Local Gold player ලෙස මේ වන විට තරග තහනමකට ලක්ව සිටින නිරෝශන් දික්වැල්ල තෝරා ගත් අද (4) එම කණ්ඩායමේ නිල ෆේස්බුක් ගිණුම හරහා නිවේදනය කර තිබුණි.

නොවැම්බර් 9 පැවැත්වෙන 2021 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) LPL තරගාවලියේ නිළ රූපවාහිනි විකාශන හිමිකරු වන Supreme TV ඔස්සේ සජීවීව නැරඹිමට හැකි බවට එම ආයතනය නිවේදනය කර ඇත.

LPL තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

 

LPL තරගාවලියේ ‘Colombo’ කණ්ඩායමට නව හිමිකරුවෙක්…

2021 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග වදින ‘Colombo’ කණ්ඩායමේ නව හිමිකරු ලෙස එක්සත් ජනපදයේ ආයෝජන සමාගමක් වන 27th Investment හි ප්‍රධානී ඉන්දීය ජාතික ‘Anil Damani’ මහතා හිමිකාරිත්වය ලබා ගත් බව  IPG හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

LPL තරඟාවලියට පිවිසීම පිළිබඳව අදහස් දක්වමින් Damani,  “Colombo franchise හි හිමිකරු ලෙස Lanka Premier League තරඟාවලියට පිවිසීමට ලැබීම ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා. Lanka Premier League එහි පසුගිය වාරයේදී දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළ අතර ඒ නිසා මම එයට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටු වෙනවා. මම කොළඹ කණ්ඩායම ලෝකයේ හොඳම T20 ෆ්‍රැන්චයිස් එකක් බවට වර්ධනය කිරීමට උනන්දුවෙන් බලා සිටිමි.”  යනුවෙන් ඒ මහතා පැවසුවා.

මෙම නව හිමිකාරිත්වය යටතේ Colombo කණ්ඩායමේ නව නාමය මෙතෙක් නිවේදනය කර නොමැත.

කුසල්, වනිදු , චමීර අද තරගයට එක්වන ලකුණු..

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රි 7:30 ට අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු පුහුණු තරගය සදහා වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් බොහෝ විට අද (12) පුහුණු තරගයට ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.

සෑම තරගයකටම කණ්ඩායම සතුව සැලසුමක් පවතින බවත්, එදා දවසේදී එම සැලසුම හරියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණහොත් තරගාවලියේ විශාල ගමනක් පැමිණිය හැකි බව චන්දිමාල් සඳහන් කර සිටියා. එමෙන්ම අද පැවැත්වෙන බංගලාදේශ පුහුණු තරගයත් සුලුවෙන් නොතකන බවත් වැඩිදුරටත් පවසා සිටියා,

එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය සදහා තරග වදින අවසන් ක්‍රිඩකයන් 15 දෙනාගේ සංචිතය පසුගියදා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර අතර සංචිතයේ වෙනස්කම් කිහිපයක් ද සිදු කර තිබුණා. බොහෝ විට අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය හැක.

දිනේෂ් චන්දිමාල් , කුසල් ජනිත් , චරිත් අසලංක , අවිශ්ක ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , දසුන් ශානක , චාමික කරුණාරත්න, වනිදු හසරංග, මහීෂ් තික්ෂණ, දුෂ්මන්ත චමීර , බිනුර ප්‍රනාන්දු .

ශ්‍රී ලංකා A කාණ්ඩායමේ නායකත්වය සදීර සමරවික්‍රමට..

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පකිස්ථාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත නිල නොවන තරඟාවලියේ ශ්‍රී ලංකා A කාණ්ඩායමේ නායකත්වය සදීර සමරවික්‍රම හට ලබා දී තිබෙන බව වාර්තා වනවා.

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. ඔක්තෝබර් 21 වනදා පාකිස්තාන A කණ්ඩායම මෙරටට ළගා වීමට නියමිත අතර, පළමු සිව්දින තරගය ඔක්තෝබර් 28 වනදා මහනුවර දී ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රි ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙනිය මෙම සංචිතය සදහා එක්වීමට නියමිතව තිබෙන බව මීට දින කිහිපයකට අපට වාර්තා විය. නමුත් ඒ පිලිබද නිළ වශයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර නොමැත. මෙම තරගාවලියට සහභාගි ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සදහා යොමු කර තිබෙන බවත් වාර්තා වනවා. ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා කටයුතු කරනවා.

ලෝක කුසලානයේදි කුසල් ජනිත් ගැන මට ලෝකු විශ්වාසයක් තියෙනවා – වාස්

පසුගිය එංගලන්ත සංචාරයේදි ශ්‍රි ලංකා ප්‍රබල ආරම්භක පිතිකරු කුසල් ජනිත් පේරේරා අබාධයකට ලක් වු අතර පසුව ශ්‍රි ලංකාවේදි කොවිඩ් 19 අසාදනය විම නිසා පසුගිය ඉන්දිය තරගාවලිය සහ දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අහිමි විය. ඔහු දකුණු අප්‍රිකාව සමග අවසන් විස්සයි විස්ස තරග දෙක සදහා එක් වුවත් සම්පූර්ණ වශයෙන් සුවය ලැබීමට සති කිහිපයක කාලයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා සිටියා. නමුත් මේ වන විට කුසල් ජනිත් පේරේරා 100% ක් යහපත් සෞඛ්‍ය තත්වයට පත් වී ඇති බව ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා පවසා සිටිනවා. ඒ මහාතා පළ කල අදහස් පහතින්,

“ඔහු 100% ක් සාමාන්‍ය තත්වයට පත්වෙලා ඉන්නේ ඔහුගේ පැමිණිමත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙයි. මට ලොකු විශ්වාසයක් තියෙනවා කුසල් ජනිත් ගැන. ඔහු පුහුණුවිම් තරගයකට ක්‍රිඩා කළා ඉතාමත් හොදින් ක්‍රිඩා කරනවා බලන් ඉන්නත් ආසයි ඔහුගේ දක්ෂතාවය. වැඩිය පුහුණු වීම් කලේ නෑ ඔහුගේ තිබුණු අබාධත් එක්ක නමුත් ගහපු ඉනිම ඉතාමත් අනර්ඝ විදියට බැට් කළා බලන්නත් ආසයි.” යනුවෙන් චමින්ද වාස් මහතා පවසා සිටියා.

ඕමාන තරගාවලියට සහ ලෝක කුසලාන තරගාවලියට එක්වන 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායම අද (04) පස්වරුවේ දිවයිනේන් පිටත්ව ගියා. නමුත් ලෝක කුසලානයට එක්වන අවසන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ඕමාන තරගාවලියෙන් පසුව තිරණය කරන බව චමින්ද වාස් මහතා පවසා සිටියා.

“තවම අපි කණ්ඩායමේ සංයුතිය ගැන පිළිබද අවසන් තීරණයක් අරන් නෑ ඕමාන තරග දෙකෙන් පසුව තමයි තේරිම් කමිටුවත් ප්‍රධාන පුහුණුකරුත් මහේලත් මම හිතන්නේ තේරිම් වලට සහභාගි වෙයි. ඔවුන්ගේ අත්දැකීම් අනුව අවසන් කණ්ඩායම තෝරයි.” යනුවෙන් චමින්ද වාස් මහතා ඒ පිළිබඳව පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන වසරේ ඉන්දීය සංචාර දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2022 වසරේ අතිශය කාර්‍ය්බහුල තරග කාලසටහනක් අනුව ක්‍රිඩා කිරිමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර පිටියේ එක්දින තරග 19 ක් විස්සයි විස්ස තරග 13 ක් හා ටෙස්ට් තරග 10 කට මෙන්ම අසියානු කුසලාන තරගාවලිය, 2022 විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලිය එක් විමට නියමිතය. එමෙන්ම එල් පි එල් තරගාවලියද ලබන වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම 2022 දී ක්‍රීඩා කිරීමට නියමිත තරඟකාල සටහන පහතින්,

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සදහා ලබන වසරේ ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවය යටතේ ටෙස්ට් තරඟ 10 ක් මෙන්ම එක්දින තරඟ 19ක් විස්සයි විස්ස තරග 10 ක් ද ක්‍රීඩා කිරීමට නියමිතය. ටෙස්ට් ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිත සියලු ටෙස්ට් තරගාවලි අඩංගු වනුයේ ටෙස්ට් තරග දෙක බැගිනි.

 

ඒ අනුව ලබන මාර්තු මස ඉන්දියාවේ ද මැයි මස බංගලාදේශයේ ද සංචාරය කිරීමට නියමිතය. එසේම පාකිස්ථාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම ටෙස්ට් තරගාවලි දෙකක් සදහා මෙරට සංචාරය කිරීමට නියමිතය.. පළමු ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 9 වැනි ස්ථානයයි. තරග 11ක් සදහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 02 ක් ජය ගත් අතර 06 ක් පරාජය විය. ඉන් තරග 04 ක් ජය පරාජයෙන් තොරව නිමා විය.

ශ්‍රී ලංකා කණ්ඩායම 2022 දී ක්‍රීඩා කිරීමට නියමිත තරඟකාල සටහන මෙසේය.

 

2022 ජනවාරි සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය.
එක්දින තරග 03ක් / විස්සයි 20 තරග 02ක්

2022 පෙබරවාරි ශ්‍රී ලංකා කාණ්ඩයේ ඕස්ට්‍රේලියා සංචාරය
විස්සයි 20 තරග 05 ක්

2022 මාර්තු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය
ටෙස්ට් 02 ක් / විස්සයි 20 තරග 03 ක්

2022 මැයි ජූලි ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරය
ටෙස්ට් තරග 02 ක්

2022 ජූලි අගෝස්තු පාකිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය
එක්දින තරග 03ක් / ටෙස්ට් තරග

2022 අගෝස්තු
තෙවැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය

2022 සැප්තැම්බර්
ආසියානු කුසලානය

2022 සැප්තැම්බර් චීනයෙහි දි
ආසියානු කුසලානය 23 න් පහළ

2022 නොවැම්බර් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්තය සංචාරය
එක්දින තරග 03ක් / ටෙස්ට් තරග 02ක්

2022 දෙසැම්බර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය
එක්දින තරග 05 ක්