මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පරාජයෙන් පසු අදහස් දක්වයි

අපි ක්‍රීඩකයන්ගේ භූමිකාවන් නැවත වර්ගීකරණය කර ඇත. අංක 1, 2 සහ 3 පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් අප සතුව ඇත, නමුත් අපට 4, 5 සහ 6 පන්දුවට පහර දිය හැකි බොහෝ ක්‍රීඩකයන් සිටියේ නැත. කලින් තිබුනා. අපට ඉහළ බරක් දැරීමට නොහැකි අතර මැද පෙළ පන්දුවට පහර දී අප වෙනුවෙන් අවසන් කළ හැකි කිසිවෙක් නැත.

මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු

විස්සයි 20 නායකත්වය සඳහා ක්‍රීඩකයින් 3-4 ක් පමණ සිටිනවා – ප්‍රමෝද්ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකාව විස්සයි 20 ආකෘතියේ පෙරමුණ ගෙන සිටි දසුන් ෂනාක එළඹෙන එංගලන්ත සංචාරයේදී විස්සයි විස්ස හා එක්දින තරග දෙකෙහිම නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා නම් කර තිබේ.

ඩේලි එෆ්ටී වෙත මාරුවීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් ප්‍රධාන තේරීම් කාරක ප්‍රමෝද්ය වික්‍රමසිංහ මහතා පැවසුවේ එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරග තුනේ දී මෙන්ම එක්දින තරග තුනක දී ද එක්තරා ආකාරයක ඒකාකාරිත්වයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නායකයා ලෙස කුසල් පෙරේරාගෙන් ඉල්ලා ඇති බවයි.

“අපි කුසල්ට බංග්ලාදේශයට සහ එංගලන්තයට සංචාර දෙකක් ලබා දුන් අතර, එම ආකෘතිය කඩ නොකර නායකයා ලෙස ඉදිරියට යන ලෙස ඔහුට කීවෙමු. එංගලන්ත සංචාරය අවසන් වූ පසු අපි නායකත්වය සමාලෝචනය කරන්නෙමු. ඔහුට නායකයා ලෙස දියුණු විය යුතු අංශ තිබේ, අපි එංගලන්ත තරගාවලියේදී ඔහුව සමීපව නිරීක්ෂණය කර තීරණයකට එළඹෙමු. ”

විස්සයි 20 නායකත්වය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා පැවසුවේ “විස්සයි 20 නායකත්වය සඳහා ක්‍රීඩකයින් 3-4 ක් පමණ සිටිනවා. මුලදී අපි නායකත්වය ලබා දුන්නේ පාකිස්තානයේ තරගමාලාවක් දිනාගත් දසුන් ශානකටයි. අවසාන තීරණයක් ගැනීමට පෙර අපි ඔහු සමඟ කතා කර ඔහුගේ ස්වරූපය සාකච්ඡා කළ යුතුයි

මට ඒ අවස්තාව හම්බුනොත් හොඳටම සූදානමින් ඉන්නේ ඒ අවස්ථාව ගන්න – චරිත් අසලංක

මම ක්ලබ් මැච් එකට යද්දී මන් බලාපොරොත්තු වෙන්නේ නෑ ජාතික කණ්ඩායමට ගහන්න මන් ඒ යනකොට බලාපොරොත්තු වෙන්නේ මන් ඒ මැච් එක හොදට සෙල්ලම් කරනවා විතරයි හැබැයි පිටින් ලැබෙන දේවල් මට ලැබෙයි. ඒක මට කන්ට්‍රොල් කරන්න බෑ ඇත්තටම. මට බලෙන් ගිහින් ගහන්න බෑ මට ඒ අවස්තාව හම්බුනොත් හොඳටම සූදානමින් ඉන්නේ ඒ අවස්ථාව ගන්න

ලොකු වෙනසක් උන මහේල අයියා ආවට පස්සේ.එයා හැකි හැම වෙලාවකම අපිට කතා කරනවා. ප්‍රේශර් එකක් දාන්නේ නෑ එයා ඉල්ලන්නේ හොඳ ක්‍රිකට් එකක් ගහන්න අපෙන් වෙන්න ඕන දේවල් විතරයි. මහේල අයියා ගත්තොත් මහේල අයියාගේ පැත්තෙන් වෙන්න ඕනි ඔක්කොම කරනවා අර අපිට වෙන චෙයාර් මන් ල වගේ ඇවිල්ල ලොකු ලොකු ප්‍රේශාර් දාන්නේ නෑ. මහේල අයියා කියන චරිතෙ ලොකු තැනකම හිටපු නිසා එයා දන්නවා ක්‍රීඩකයෝ හසුරුවන නේ කියලා ඉතින් එක ලොකු දෙයක් අපිට
චරිත් අසලංක

සනත් ජයසූරිය – රට ඉස්සරහට තියලා ක්‍රීඩාකරන්න

මේ වෙලාවේ කණ්ඩායම දිහා බැලුවොත් අපි අඩි 2ක් විතර පස්සට ඇවිත් තියෙන්නේ එක කාටවත් නෑ කියන්න බෑ නේ. ඒ පස්සට එන එක එන්න පුළුවන් එහෙම ක්‍රිකට් කාලෙන් කාලෙට එහෙම එන්න පුළුවන් හැබැයි ඒ වගකීම ක්‍රීඩකයින්ගේ අතේ තියෙන්නේ ඒ වගකීම තමන් දැන ගන්න ඕනි ඒ වගකීම තනි තනි පුද්ගලයා තමන් අතට ගන්න ඕනි. තමන්ගෙන් වෙන්න තියෙන රාජකාරිය තමන්ගේ රට වෙනුවෙන් කරන්න ඕනි කියන එක තමන් තේරුම් ගන්න ඕනි. මේක මගේ ගාන ගහලා මම runs ගැහුවා විකට් ගත්තා කියන තැන නොයිද කණ්ඩායමක් හැටියට රට ඉස්සරහට තියලා ක්‍රීඩාකරන්න කියන එක තමයි මගේ හැගීම එහෙම උනොත් ඉස්සරහට එන්න පුළුවන් තමන්ගේ වගකීම් බාර ගන්න ඕනි පුහුණුවීම් කරන්න ඕනි තමන්ගේ අඩු පාඩු කම් හදා ගන්න ඕනි ඒ වෙනුවෙන් හැම කෙනෙක්ම ඉන්නවා හැම අයම දීල තියෙනවා ක්‍රිකට් ආයතනය පුහුණුකරු වෝ දෙන්න පුළුවන් හැම දෙයක්ම දීලා තියෙනවා එකේ වගකීම තියෙන්නේ ක්‍රීඩකයා අතේ ඉතින් පීඩනය කියන එක ඒක තියෙනවා නැත්තේ නෑ පීඩනය නැතුව ක්‍රිකට් ගහන්න බෑ සමහරවිට කියන්න පුළුවන් මේ ක්‍රීඩකයාට මේ තරම් පීඩනය දාන්න එපා කියලා පීඩනය යනවා ඒක සාමාන්‍යය දෙයක් හැබයි ඒ පීඩනය ඇගත ගන්න පුළුවන් වෙන්න ඕනි අරගෙන ක්‍රීඩා කරන්න ඕනි

සනත් ජයසූරිය

චමින්ද වාස් – ක්‍රිකට් කියන්නේ විනයක්

අපි ගත්තොත් පරණ ක්‍රීඩකයෝ ඉතාමත් කැපෙයිමක් තිබුණා තරඟයක් ජයක්ග්‍රහණ ය කරන්න මහන්සි උනා තරඟයක් පරදින්න ආස නෑ ග්‍රවුන්ඩ් එකට බැස්සම මරාගෙන ගහනවා ඒ වගේ ෆීලිං එකක් තිබ්බ අපිට ඕනිම ක්‍රීඩකයෙකු ට නමුත් මැතක්දි ගත්තොත් අපේ දේශීය ක්‍රිකට් වලවිනයක් ඒවගේම ෆින්ටස් කියන ඒව මීට වඩා implimnt කරොත් ක්‍රීඩකයා ව හරි තැන තියලා ක්‍රීඩාව කරන්න දුන්නොත් මන් හිතනවා අපේ ක්‍රිකට් වෙනස් වෙයි කියලා මොකද අපේ ඉන්නවා හොඳ තරුණ ක්‍රීඩකයෝ අපිට වඩා දක්ෂ ක්‍රීඩකයෝ. නමුත් ඒ ක්‍රීඩකයන්ගෙන් ක්‍රීඩාව ගන්නේ කොහොමද කියලා සැලසුමක් තිබිය යුතුමයි . අපි ක්‍රීඩකයෝ බලාගන්නා ඕනි ක්‍රීඩකයන්ට හරියට සලකන්න ඕනි ඔවුන්ට වුන්ගේ තැන දෙන්න ඕනි .

අපි 96 ක්‍රීඩාව ඉදිරියට එද්දී අපිට විදේශීය පුහුණුකරුවන්ගේ පුහුණුවීම පතන්න ඕනි උන එතකොට අපිට මොකුත් තිබ්බෙ නෑ ඩේව් වර්මෝර් 96 ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ එයත් එක්ක ආපු ඇලෙක්ස් කොන්ටොරු තමා ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කරන්න මුල් උනේ ඉන් පස්සේ කාලෙන් කාලෙට ජෝන් ඩෛසන්, බෲස් යාඩ්ලි, ටොම් මූඩි හිටියා ඒ වගේම ග්‍රෑන්ඩ් ෆෝඩ් හිටියා.
මගේ මතය 2007 න් පස්සේ අපි ගොඩක් ක්‍රීඩකයෝ බිහිකළ. අපිට ලෝක කුසලාන 2ක් ජයක්ග්‍රහනය කරන්න පුළුවන් රටක. ලෝක කුසලාන 3කට අවසන් මහා තරගයට එන්න පුළුවන් වුණු රටකට t20 අවසාන තරඟයට එන්න පුළුවන් උණු රටක පුහුණු කරුවෝ නැද්ද
හොදින් පුහුණු කරන. රුවන් කල්පගෙල මාවන් අතපත්තු ල මහේල ජයවර්ධන කුමා සංගක්කාරලා ටී ම් ඩිල්ෂාන් ල ඒ ක්‍රීඩකයන් අපේ රටේ ක්‍රීඩාවට ආශිර්වාදයක්. ඒ වගේම ක්‍රීඩකයන් පුරුදු කරන්න අවස්ථාවක් නැද්ද.අපේ ලෝකය ක්‍රිකට් ක්‍රීඩාව තැනකට ගෙනිච්චේ ඔය ක්‍රීඩකයෝ තමා. ඔය ක්‍රීඩකයෝ න්ට බැරිද රටේ යහපත වෙනුවෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න .

මේ තියෙන තත්වය අනුව ක්‍රිකට් මීට වඩා දියුණු වෙන්න පුළුවන්. ඉතාමත් හොඳ ක්‍රීඩකයන් ඉන්නවා නමුත් ඒ ක්‍රීඩකයන්ව තෝරා ගැනීමේදී ඔවුන්ට සාධාරණයක් වෙන විදියට ඔවුන්ට අවස්තාව දෙනවානම් අපේ ඉතාමත් හෝදා ක්‍රීඩකයෝ ප්‍රමාණයක් ඉන්නවා. උදාහරණයට ගත්තොත් පැතුම් නිශ්ශංක ඉතාමත් හොදින් ක්‍රීඩා කරනවා අශේන් බණ්ඩාර ඒ වගේම කමිදු මෙන්ඩිස් ලහිරු උදාන අපේ පළමු තරග වල වැඩිම ලකුණු ලාභියා.ඉතාමත් හොඳ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා චරිත් අසලංකා. බුවෙනුදු ෆර්නැන්ඩො හොදා කට්ටියක් ඉන්නවා නමුත් ඔවුන්ව අපි රැක බලා ගත යුතුයි.ඔවුන්ට කතා කළ යුතුයි . ඔවුන් තාම ළාබාල ක්‍රීඩකයෝ ඔවුන්ගේ ඔළු එහෙ මෙහෙ දුවන්න පුළුවන්.ක්‍රීඩකයෙක් හැටියට ඒ ක්‍රීඩකයෝ කළමනාකරණය හැටියට පාලක මණ්ඩලය හැටියට ඔවුන්ව රැක බලාගෙන ඔවුන්ට අවස්ථාව දීලා ඔවුන්ව හරියට ස්ථානගත කරගත්තොත් ඔවුන් යන ස්ථාන බලාගත්තොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්න පුළුවන්

ක්‍රිකට් කියන්නේ විනයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මන් විනය ඉගෙන ගත්තා අදින පළඳින විදිය ඉගෙන ගත්තා කන බොන විදිය ඉගෙන ගත්තා මේකට විණයක් තියෙන්නේ ඕනි මේකට වෙලාවක් තියෙන්න ඕනි හැමදේටම. මේක අපේ ක්‍රීඩකයන් ට පුරුදු කරන්න පුලුවන් නම් මන් හිතන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා හොඳ තැනක තියෙයි

කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා ක්‍රිකට් වලට මොකද ලංකාවට අවුරුදු 20 ක් ක්රීඩා කරලා තියෙනවා ඒ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබුණු අත්දැකීම් ඒ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිච්ච හැම දෙයක්ම මේ තරුණ ක්‍රීඩකයන් එක්ක බෙදා ගන්න ඒ ක්‍රීඩකයන් හරි මාර්ගයට ගෙනියන්න මන් හිතන්නේ මටගොඩක් දේවල් කරන්න පුළුවන්.

චමින්ද වාස්

ෂකිබ් අල් හසන්ගෙන් ප්‍රතිචාර

හිතවත් රසිකයන් සහ අනුගාමිකයෙනි, මගේ කෝපය නැති කර ගැනීම සහ සෑම කෙනෙකුටම සහ විශේෂයෙන් නිවසේ සිට බලා සිටින අයට තරගය විනාශ කිරීම ගැන මම අතිශයින් කණගාටු වෙමි. මා වැනි පළපුරුදු ක්‍රීඩකයෙකු එසේ ක්‍රියා නොකළ යුතුව තිබුනද සමහර විට එය අවාසනාවකට මෙන් සිදුවිය හැකිය. මෙම මානව වැරැද්ද සම්බන්ධයෙන් කණ්ඩායම්, කළමනාකාරිත්වය, තරඟාවලි නිලධාරීන් සහ සංවිධායක කමිටුවෙන් මම සමාව අයදිමි. අනාගතයේදී මෙම වරේදින් නැවත නොකිරීමට බලාපොරොත්තු වෙමි. ස්තූතියි, ඔබට ආදරෙයි.

ෂකිබ් අල් හසන්

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අදහස් දක්වයි..

මහේල ජවර්ධන කුමාර සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් දිගු කාලයක් ක්‍රීඩාවේ නියැලුණා.නමුත් ඔවුන් දක්ෂ අන්දමින් ක්‍රීඩා කළා. ඔවුන් පිටිය මැදට පිවිසුණු සෑම අවස්ථාවක පාහේ දක්ශතා ප්‍රදර්ශනය කළා
නමුත් වත්මන් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ ඒවෙනි දෙයක් දැක තිබෙනවාද?

මම දන්නවා මෙය ජනප්‍රිය තීරණයක් නොවෙන්න පුළුවන් නමුත් අප සිතන ආකාරයට ඉදිරියට යන්න මෙය තමයි ගත යුතු හොදම තීරණය. අපේ සැලසුම් වන්නේ එළඹෙන ටී 20 සංචාර සඳහායි.

ඔහුගේ වර්තමාන ස්වරූපයෙන් පවා ඔහු අපේ රටේ ශ්‍රේෂ්ටතම පන්දු යවන්නෙකු බව අප සැමවිටම අමතක නොකළ යුතුය. මේ වසරේ සහ ලබන වසරේදී එළඹෙන ටී 20 ලෝක කුසලාන දෙකක් තිබේ. ඉදිරි දින කිහිපය තුළ අපි ඔහුව මුණගැසෙන විට අපි ඔහු සමඟ අපගේ සැලසුම් සාකච්ඡා කරනව.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

අපිට අපේ ක්‍රිකට් වසන්තය කරා ගෙන යන්න පුළුවන් – ධම්මික ප්‍රසාද්

1982 වර්ෂයේ ටෙස්ට් වරම් දිනාගත් අප ක්‍රිකට් ලොව බලවතුන් හා උරෙන් උර ගැටි කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයේ ජය පැන් බීමට සමත් වුණා. එකි ජයග්‍රාහණය තුළින් ශ්‍රී ලාංකේය නාමය ලෝකය හමුවේ ඔසවා තැබීමට එකළ අපගේ ක්‍රීඩකයින් කළ කැපවීම අපමණයි. එමෙන්ම එය අප කිසිදාක අමතක නොකළ යුත්තක්.
මන්ද ඔවුන් එදා 96 ලෝක කුසලානය නොදිනන්නට, අද අපට ක්‍රිකට් කියා කියා දෙයක් නොතිබෙන්නට තිබුණා. එම ජයග්‍රාහණය නොවන්නට ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස අද අප ලබන ප්‍රතිලාභ කිසිවක් අපට නොලැබී යන්නට තිබුණා. එබැවින් ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස අද අප අත්විදින්නේ එදා 96 විරුවන් කළ කැප කිරීම් වල ප්‍රතිඵල බව අප සියළුදෙනා නොපැකිලිව පිළිගත යුත්තක්. අර්ජුන අයියා, අරවින්ද අයියා, රොෂාන් අයියා, හෂාන් අයියා, සනත් අයියා, කලු අයියා, අසංක අයියා, කුමාර ධර්මේ අයියා ,මුරලි අයියා, වාස් අයියා, උපුල් චන්දන අයියා, මාවන් අයියා ඔබව, මාව ක්‍රිකට් පිස්සන් කල බවට නොරහසක්. මාද ඔවුන්ගේ ගමන් මග යමින්, ඔවුන්ව අනුකරණ කරමින් සැහැල්ලු පන්දු ක්‍රිඩා කල හැටි මට අදමෙන් මතකයි. එලෙස ක්‍රීඩාවට අත්පොත් තැබු මාහට මහේල අයියා, කුමාර් අයියා, ඩිලී අයියා , තිලාන් අයියා, රංගන අයියා වැනි අති විශිෂ්ඨයින් සමග එකම කණ්ඩායමක රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම මගේ ජීවිතයේ මා ලද විශාලතම භාග්‍යයක්. 96 ලෝක කුසලානයෙන් ලද පන්නරයෙන් දශක දෙකක් තුළ පෙරළිකාර ජයග්‍රාහණ රැසක් ලැබු අපට 2014 විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමට හැකි වුයේද රටවෙනුවෙන් ක්‍රීඩා කළ අපේ ක්‍රිකට් විරුවන් කළ අපමණ කැප කිරීම් නිසාමයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ එකි ස්වර්ණමය යුගයේ පංගුකරුවෙක් වීමට ලැබීම ගැන මගේ හිතේ ඇත්තේ නිහතමානි ආඩම්බරයක්. රටවෙනුවෙන් ක්‍රීඩා කළ ඉහත කී ක්‍රිකට් විරුවන්ගෙන් මා මෙන්ම මගේ සමකාලිනයන් වූ කුලේ,මාලි,ඇන්ජි, චන්දි, තිසර, සුරංග මෙන්ම තවත් විශිෂ්ටයන් උගත් දේ බොහෝමයි. තරග දිනීමට ඇති ආශාව, පැරදීමට ඇති අකමැත්ත, ක්‍රීඩාවට තිබු ආදරය,
ක්‍රීඩාව වෙනුවෙන් අප කළ යුතු අසීමිත කැපකිරීම් අප ඉගෙනගත්තේ ඔවුගෙන්. ඔවුන් තුළ ඒ තිබු ගුණාංගම ප්‍රේක්ෂකයින් ඔවුන්ට වැඩි වැඩියෙන් ආදරය කිරීමට පෙළඹවුවා යැයි මා සිතනවා.

අප අපගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් උගත් වටිනාම දේ සහ වත්මන් ක්‍රීඩකයින් ඔවුන්ගෙන් උගත යුතු ප්‍රධාන දේ විනයයි. මාගේ විශ්වාසයට අනුව ක්‍රීඩකයෙකු සතුව පැවතිය යුතුම ගුණාංගය වන්නේද විනයයි. විනය ගුණගරුක පුරවැසියෙකු බිහිකිරීමට මෙන්ම විශිෂ්ඨ ක්‍රීඩකයෙකු බිහිකිරීමටද බොහෝ සෙයින් ඉවහල් වනවා. විශිෂ්ඨයෙක් බිහිවන්නේ වචනයෙන් නොව ක්‍රියාවෙන්. ක්‍රීඩකයන් වන අපගේ අංක එක ක්‍රිකට් බව අපි යළි යළිත් මතක් කරගත යුතු බව මාගේ හැගිමයි.

ක්‍රිකට් කියන්නේ අපේ පුංචි රටේ මිනිස්සුට ආගමක්. මිනිස්සුගේ එකි බැදිම වියකී නොයන තැනට කටයුතු කිරීම ක්‍රීඩකයන් වන අපගේ පරම යුතුකමක්.
එබැවින් ක්‍රිකට් වලට සම්බන්ධ අපි සියලු දෙනා ඒ බැදීම වියකි නොයන තැනට එකතු වී කටයුතු කළ යුතුයැයි මා විශ්වාස කරනවා. දිවා රෑ නොබලා අප වෙනුවෙන් ඔල්වරසන් දෙන අපගේ ආදරණිය ප්‍රේක්ෂකයින් තවත් කළ කිරීමට ලක් නොවන තැනට අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ඔවුන්ට ජය පරාජය හොදට පුරුදුයි. ඔවුන් අපෙන් ඉල්ලනේ ජයග්‍රාහණයම නොව පැරදුනත් තරගකාරි ගෞරවනී පරාජයක්. ඒ වගේම ප්‍රේක්ෂකයාගේ ඇතැම් විවේචන සම්බන්ධයෙන් අපි සාධනිය අවදානයක් යොමු කළ යුතු යැයි මම සිතනවා. අපි ක්‍රිකට් ගැසුවද, ඔවුන් ක්‍රිකට් නොගැසුවද, ක්‍රිකට් පිළිබදව ඔවුන්ගේ දැක්ම විශිෂ්ඨ වන්නට පුළුවන්. වසර ගණනාවක් ක්‍රිකට් නරඹපු ප්‍රේක්ෂකයෙක්ගේ ක්‍රිකට් දැනුම අපට වඩා වැඩි වෙන්නටත් පුළුවන්. එබැවින් සෑම විවේචනයකම ගතයුතු දෙයක් ඇත්නම් ක්‍රීඩකයන් ලෙස අප එය ගත යුතුයි කියා මා විශ්වාස කරනවා.

වරදක් දුටු විට මුනිවත රැකිමම විටක අපගේ ක්‍රීඩාවේ පසුගාමිත්වයට හේතු වන්නට පුළුවන්. එබැවින් මා විශ්වාස කරනවා මේ ආදරණිය ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමට ක්‍රීඩාවෙන් සමුගත් ජ්‍යෙෂ්ඨයන්, ක්‍රිකට් පරිපාලකයින්, වත්මන් ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින්ද එකට එකතු විය යුතුයි කියලා. මා විශ්වාස කරනවා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හදුන්වාදීමට මේ හොදම කාලය කියලා. මන්ද එවිට කිසිම කෙනකුට ක්‍රිකට් ක්‍රීඩාව තම හෝ ඔවුන්ගේ සිතැගි පරිදි වෙනස් කිරීමට ක්‍රිකට් පරිපාලනයට හැකියාවක් නැත. එය වඩාත් සුබදායක දෙයක් වේවි අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්.

අපි සියළුදෙනාම මතක තබාගත යුතුයි අපි අද යම් තැනක ඉන්නවාද, ඒ ක්‍රිකට් නිසා. ක්‍රිකට් අද යම් තැනක තියෙනවාද ඒ තියෙන්නේ අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ සහ අපගේ ආදරණිය ප්‍රේක්ෂකයෝ නිසා. ක්‍රිකට් කියන්නේ අපේ හැකියාව වගේම අපේ රැකියාව. අපි අපේ හැකියාවට සරිලන රැකියාවක් ලැබීමට වාසනාවන්ත වී තිබෙනවා. එබැවින් මම විශ්වාස කරනවා රට වෙනුවෙන් සහ ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් අපි අපගේ රැකියාව හරියට කරන්න ඕනේ කියලා. ලක්ෂ ගණනක් දක්ෂයින් අතරින් අති දක්ෂයින් බවට පත්වී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීමම අප සියළුදෙනා ලැබු භාග්‍යයක්. ඒ භාග්‍යය ලැබෙන්නේම ක්‍රීඩාවට ආදරය කරන්නන් අතුරෙන් ඉතා සුළු පිරිසකට. අපි හැමෝටම ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ලැබෙන්නේ යම් සීමා සහිත කාලයක්. අපි හැමෝම කවදා හෝ විශ්‍රාම ගත යුතුයි. එබැවින් මා සිතනවා. අපි ඒ කාලය තුළ කළහැකි දේ රට වෙනුවෙන් උපරිමයෙන් කළයුතුයි කියලා. මන්ද ක්‍රිකට් ක්‍රීඩාවට වඩා අප කවුරුත් ලොකු නැත. අද මගේ, හෙට ඔබේ, අනිද්දා වෙන කෙනකු ඔබව, මාව ආදේශ කිරීමට පුළුවන, අප නිසා ක්‍රිකට් පවතින්නෙ නැත, ක්‍රිකට් නිසා ඔබට මට හැම දෙයම ලැබී ඇත.

අපට මේ ආදරණිය ක්‍රීඩාවෙන් රටම ගරු කරන රටම ආදරය කරන පුරාවෘත්තයක් බවට පත්වෙන්න පුළුවන් හැබැයි ඒ ඔබ, මම ක්‍රිකට් වලට මුල් තැන දීලා, එලෙසම ක්‍රීඩාව ගොඩනැගීමට අපට හැකිවන්නේ සියලුම දෙනා එකතුවී ( පැරණි ක්‍රීඩකයින්, පරිපාලකයින්, වර්තමාන ක්‍රිඩකයින්) රටට මුල් තැන දීලා පෞද්ගලික ලාභ ප්‍රයෝජන අමතක කරලා කටයුතු කලොත් විතරයි.

අපිට අපේ ක්‍රිකට් වසන්තය කරා ගෙන යන්න පුළුවන්….
එක මම අදත් හෙටත් විශ්වාස කරනවා…
නමුත් ඒ අපි හැමෝම එකට එකතුවුනොත් විතරයි…

වියළි කාලය පැමිණේවි, මහ වැසි අතිවේවි, සැඩ සුළං හමාවි නමුත් වසන්තය උදාවනවා සත්තයි….

ඔබ සියලුම දෙනාටම ජයවේවා, ජේසු පිහිටයි.තෙරුවන් සරණයි !

උපුටා ගැනීම – ධම්මික ප්‍රසාද්.සමාජ මාධය ගිණුමෙන්.

MAD MAX – අරවින්ද සිල්වා

අරවින්ද ද සිල්වාගේ ටෙස්ට් , ක්‍රිකට් දිවිය ආරම්භවන්නේ
නමුත් 1995 එංගලන්තයේ කෙන්ට්හි ක්‍රීඩා කළ සාර්ථක පළමු පෙළේ තරඟාවලියකින් පසු ඔහුගේ ක්‍රිකට් දිවියේ සැබෑ පරිවර්තනයක් සිදුවිය. 1996 ලෝක කුසලාන තරඟාවලියේ ඔහු ජයග්‍රාහී බල කණුවක් වූයේ සිය විජයග්‍රාහී ශතකය හා විකට් තුනක් ලබාගෙන ඕස්ට්‍රේලියා‍වට එරෙහිව හොඳම ක්‍රීඩකයා වීමෙනි. එපමණක් නොව ටෙස්ට් තරඟ දෙකකදීම ඒ සෑම ඉනිමකම ඔහු ශතක වාර්තා ඔහුගේ උසස් ජයග්‍රහණයක් වන අතර ඒ අවධියේ දී ඔහුට අභියෝගයක් වූයේ ඉන්දියානු කණ්ඩායමේ සුනිල් ගවස්කාර් හා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ රිකී පොන්ටින්ය. ඔහුගේ ශතක ඉක්මවූ ලකුණු රැස් කිරීම වූයේ 138 හා 105 වශයෙනි. එය නොදැවී ලබාගත් ලකුණු වීම විශේෂත්වයකි. ඒ 1997 පකිස්ථානයට එරෙහිව කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දීය. මෙය ඔහු තැබූ අනගි වාර්තාවක් විය. දෙවන ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු 168 නිසා එම වසර අවසාන ලකුණු 1220 ක් ඉහළ නැගුණු අතර වේගය 76.25 ක් විය.

ඔහුගේ ඉහළම ලකුණු රැස් කිරීම වූයේ 1991 නවසීලන්තයට එරෙහිව “Basin Reserve” හි දී ලකුණු 267 කි. එසේ 2002 ඔහුගේ අවසාන ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශයට එරෙහි ශතක දෙකක් ලබා ගත්තේය. මෙවැනි අනගිභවනීය නමක් ක්‍රිකට් ඉතිහාසයේ රඳවා 2003 ලෝක කුසලාන තරඟාවලියෙන් පසු ඔහු ක්‍රිකට් දිවියෙන් සමුගත්තේය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ අනූපමේය සත්කාරයට ශ්‍රී ලාංකිකයෝ වන අපි ණය ගැති‍ වෙමු.