කුසල්, වනිදු , චමීර අද තරගයට එක්වන ලකුණු..

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වටයට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (12) පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය අද ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රි 7:30 ට අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු පුහුණු තරගය සදහා වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් බොහෝ විට අද (12) පුහුණු තරගයට ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.

සෑම තරගයකටම කණ්ඩායම සතුව සැලසුමක් පවතින බවත්, එදා දවසේදී එම සැලසුම හරියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණහොත් තරගාවලියේ විශාල ගමනක් පැමිණිය හැකි බව චන්දිමාල් සඳහන් කර සිටියා. එමෙන්ම අද පැවැත්වෙන බංගලාදේශ පුහුණු තරගයත් සුලුවෙන් නොතකන බවත් වැඩිදුරටත් පවසා සිටියා,

එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය සදහා තරග වදින අවසන් ක්‍රිඩකයන් 15 දෙනාගේ සංචිතය පසුගියදා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර අතර සංචිතයේ වෙනස්කම් කිහිපයක් ද සිදු කර තිබුණා. බොහෝ විට අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය හැක.

දිනේෂ් චන්දිමාල් , කුසල් ජනිත් , චරිත් අසලංක , අවිශ්ක ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , දසුන් ශානක , චාමික කරුණාරත්න, වනිදු හසරංග, මහීෂ් තික්ෂණ, දුෂ්මන්ත චමීර , බිනුර ප්‍රනාන්දු .

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සමගින් දෙවන තරගයට..

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර හුරුවක් ලෙස පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවන 20යි 20 තරගය අද (09) ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබවද පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට ද මෙම තරගාවලිය වැදගත් වනු ඇති බව දිවයිනෙන් පිටත්ව යාමට පෙර පැවති වැඩසටහනකදි ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා ප්‍රකාශ කර සිටියා. නමුත් සියල්ලන් පුදුම කරමින් පළවන තරගයේදි ශ්‍රි ලංකා පිතිකරණ සංයුතිය වෙනසකට ලක් කර මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොවන පැතුම් නිස්සංක ආරම්භක පිතිකරු ලෙසත් අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ස්තානයේද ක්‍රිඩා කරනු ලැබුවා.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තවදුරටත් විවේක ගැන්විය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. එම නිසා අද තරගයට දනංජය ද සිල්වා හා චරිත් අසලංක එක්වීමට බෝහෝ ඉඩකඩක් පවතින බව වාර්තා වනවා. එමෙන්ම පළමු විස්සයි විස්ස තරගයට ක්‍රිඩා කල නුවන් ප්‍රදීප් එම තරගයේදි අබාදයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියද අහිමි විමට ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.

එමෙන්ම ලෝක කුසලාන තරගාවලිය සදහා තරග වදින අවසන් ක්‍රිඩකයන් 15 දෙනාගේ සංචිතයන් ඔක්තෝබර් 10 වනදාට පෙර ICC වෙත ලබා දිය යුතුවන බැවින් ඕමානයට එරෙහිව අද (09) පැවැත්වෙන අවසන් විස්සයි – 20 තරගයෙන් පසුව ශ්‍රී ලංකා අවසන් ක්‍රිඩකයන් 15 දෙනා නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව සුදානමින් පසුවන බවත් වාර්තා වනවා.බොහෝ විට අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය හැක.

දිනේෂ් චන්දිමාල් , අවිශ්ක ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , චරිත් අසලංක , දසුන් ශානක , දනංජය ද සිල්වා , චාමික කරුණාරත්න, ළහිරු කුමාර , මහීෂ් තික්ෂණ, ලක්ෂාන් සදකැන්, ප්‍රවීන් ජයවික්‍රම.

පවත්වපු පරීක්ෂනය පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නෑ. – මහින්දානන්ද අලුත්ගමගේ

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර 2011 දී පැවති ලෝක කුසලානයේ අවසන් මහා තරගය පාවාදීමක් පිළිබඳව බොහෝ කට කතා එකල පැතිරී ගිය අතර මෙරට ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද පසුගිය මැතිවරණ සමයේ මේ පිළිබද ආන්දෝලාත්මක ප්‍රකාශයක් කර තිබුණි.

මීට ඉකුත් දිනකදී නීතිපති වරය මෙම පරීක්ෂනය ඉදිරියට කර ගෙන යාම නවතා දමන ලෙස කිය සිටියේ 2011 අවසන් මහා තරගය පාවාදීමක් වුව යැයි පැවසීමට තරම් නිසි සාක්ෂි නොමැති බැවිනි. එහිදී එතුමා නැවත වරක් කිය සිටියේ මේ සම්බන්ධව තමන් කළ අනාවරණයන්ට අනුව පරීක්ෂණ කටයුතු සිදු නොවූ බවයි. කෙසේ වෙතත් මේවැනි ආන්දෝලනාත්මක ඔප්පු කළ නොහැකි ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීති පියවර ගන්නවද යැයි පාර්ලිමේන්තු සැසි වාරයකදි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැනයක් නැගූ අතර එයට පිළිතුරු දුන් අලුත්ගමගේ ඇමතිවරයා කිය සිටියේ,

“ලෝක කුසලානය පිළිබද මම ප්‍රකාශයක් කර. ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වුවා. නමුත් ඒ පවත්වපු පරීක්ෂනය පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නෑ. මම එහෙම කියන්නේ වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ඉන්න නිසා. ඒ පරීක්ෂණයේදි එවකට ලෝක කුසලානය පවත්වන වෙලාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති, ලේකම්ගෙන් කටඋත්තර අරගෙන නැහැ. ඒ ලෝක කුසලානයේ කළමනාකරුගෙන් කටඋත්තර අරගෙන නැහැ. මම පැහැදිලිවම කිව මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කියලා. නමුත් පරීක්ෂණය නොමග යවන්න ක්‍රීඩකයෝ ගෙනාවා මේකට. මෙතන ප්‍රශ්නයක් තිබෙන්නේ ක්‍රීඩකයෝ එක්ක නෙවෙයි.

ලෝක කුසලානය ක්‍රීඩා කරපු වෙලාවේ එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු කළමනාකරු සුරාජ් දන්දෙනිය, ලේකම් නිශාන්ත රණතුංග, සභාපති D.S ද සිල්වා මේ අයගෙන් කටඋත්තර ගන්න කියලා මම CID එකට කිව්ව. නමුත් මේ කිසි කෙනෙක්ගෙන් කටඋත්තර ගන්නේ නැතිව ක්‍රීඩකයන්ගෙන් කටඋත්තර අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට යවලා මේකේ ගන්න කිසිදෙයක් නැහැ කියලා. ඒ නිසා මෙම පරීක්ෂණය ගැන මම සෑහීමකට පත් වෙන්නේ නැහැ.”

වෙනස්කම් කිහිපයක් සමගින් අද තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම..

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර හුරුවක් ලෙස පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ පළමු 20යි 20 තරගය අද (7) ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායමේ අවසන් සංයුතිය පිළිබවද පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගැනීමට ද මෙම තරගාවලිය වැදගත් වනු ඇති බව දිවයිනෙන් පිටත්ව යාමට පෙර පැවති වැඩසටහනකදි ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා ප්‍රකාශ කර සිටියා. ඔහු පැවසු අදහස් පහතින්,

“තවම අපි කණ්ඩායමේ සංයුතිය ගැන පිළිබද අවසන් තීරණයක් අරන් නෑ ඕමාන තරග දෙකෙන් පසුව තමයි තේරිම් කමිටුවත් ප්‍රධාන පුහුණුකරුත් මහේලත් මම හිතන්නේ තේරිම් වලට සහභාගි වෙයි. ඔවුන්ගේ අත්දැකීම් අනුව අවසන් කණ්ඩායම තෝරයි.” යනුවෙන් චමින්ද වාස් මහතා ඒ පිළිබඳව පවසා සිටියා.

මෙම තරගාවලියට ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයින් 23 දෙනෙකු එක්වන අතර මෙම ක්‍රිඩකයින් අතරින් 15 දෙනෙකු එළඹෙන ලෝක කුසලාන අවසන් සංචිතයට නම් කිරිමට නියමිතය. නමුත් ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මෙම තරගාවලියට එක් නොවනු ඇත එමෙන්ම ආබාධයකට සහ කොවිඩ් 19 අසාදනය වී සුවය ලැබූ කුසල් ජනිත් ජනිත් පෙරේරා ද අද තරගයෙන් විවේක ගැන්වීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ කෙසේ වෙතත් චමින්ද වාස් මහතා පැවසුවේ ඔහු මේ වන විට 100% ක් සුවය ලබා ඇති බවයි.

බොහෝ විට අද පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයට ක්‍රිඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම පහත පරිදි විය හැක.

දිනේෂ් චන්දිමාල් , අවිශ්ක ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ , චරිත් අසලංක , දසුන් ශානක , දනංජය ද සිල්වා , චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, මහීෂ් තික්ෂණ, ලක්ෂාන් සදකැන්, ප්‍රවීන් ජයවික්‍රම.

ශ්‍රී ලංකා A කාණ්ඩායමේ නායකත්වය සදීර සමරවික්‍රමට..

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පකිස්ථාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත නිල නොවන තරඟාවලියේ ශ්‍රී ලංකා A කාණ්ඩායමේ නායකත්වය සදීර සමරවික්‍රම හට ලබා දී තිබෙන බව වාර්තා වනවා.

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. ඔක්තෝබර් 21 වනදා පාකිස්තාන A කණ්ඩායම මෙරටට ළගා වීමට නියමිත අතර, පළමු සිව්දින තරගය ඔක්තෝබර් 28 වනදා මහනුවර දී ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රි ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ ලසිත් ඇඹුල්දෙනිය මෙම සංචිතය සදහා එක්වීමට නියමිතව තිබෙන බව මීට දින කිහිපයකට අපට වාර්තා විය. නමුත් ඒ පිලිබද නිළ වශයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර නොමැත. මෙම තරගාවලියට සහභාගි ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම සදහා යොමු කර තිබෙන බවත් වාර්තා වනවා. ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා කටයුතු කරනවා.

ලෝක කුසලානයේදි කුසල් ජනිත් ගැන මට ලෝකු විශ්වාසයක් තියෙනවා – වාස්

පසුගිය එංගලන්ත සංචාරයේදි ශ්‍රි ලංකා ප්‍රබල ආරම්භක පිතිකරු කුසල් ජනිත් පේරේරා අබාධයකට ලක් වු අතර පසුව ශ්‍රි ලංකාවේදි කොවිඩ් 19 අසාදනය විම නිසා පසුගිය ඉන්දිය තරගාවලිය සහ දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සහ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අහිමි විය. ඔහු දකුණු අප්‍රිකාව සමග අවසන් විස්සයි විස්ස තරග දෙක සදහා එක් වුවත් සම්පූර්ණ වශයෙන් සුවය ලැබීමට සති කිහිපයක කාලයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා සිටියා. නමුත් මේ වන විට කුසල් ජනිත් පේරේරා 100% ක් යහපත් සෞඛ්‍ය තත්වයට පත් වී ඇති බව ශ්‍රි ලංකා වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් මහතා පවසා සිටිනවා. ඒ මහාතා පළ කල අදහස් පහතින්,

“ඔහු 100% ක් සාමාන්‍ය තත්වයට පත්වෙලා ඉන්නේ ඔහුගේ පැමිණිමත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙයි. මට ලොකු විශ්වාසයක් තියෙනවා කුසල් ජනිත් ගැන. ඔහු පුහුණුවිම් තරගයකට ක්‍රිඩා කළා ඉතාමත් හොදින් ක්‍රිඩා කරනවා බලන් ඉන්නත් ආසයි ඔහුගේ දක්ෂතාවය. වැඩිය පුහුණු වීම් කලේ නෑ ඔහුගේ තිබුණු අබාධත් එක්ක නමුත් ගහපු ඉනිම ඉතාමත් අනර්ඝ විදියට බැට් කළා බලන්නත් ආසයි.” යනුවෙන් චමින්ද වාස් මහතා පවසා සිටියා.

ඕමාන තරගාවලියට සහ ලෝක කුසලාන තරගාවලියට එක්වන 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායම අද (04) පස්වරුවේ දිවයිනේන් පිටත්ව ගියා. නමුත් ලෝක කුසලානයට එක්වන අවසන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ඕමාන තරගාවලියෙන් පසුව තිරණය කරන බව චමින්ද වාස් මහතා පවසා සිටියා.

“තවම අපි කණ්ඩායමේ සංයුතිය ගැන පිළිබද අවසන් තීරණයක් අරන් නෑ ඕමාන තරග දෙකෙන් පසුව තමයි තේරිම් කමිටුවත් ප්‍රධාන පුහුණුකරුත් මහේලත් මම හිතන්නේ තේරිම් වලට සහභාගි වෙයි. ඔවුන්ගේ අත්දැකීම් අනුව අවසන් කණ්ඩායම තෝරයි.” යනුවෙන් චමින්ද වාස් මහතා ඒ පිළිබඳව පවසා සිටියා.

එළැඹෙන ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වීමේ ඉඩක්..බවට පලවන වාර්තා අසත්‍යයි – ධනංජය සිල්වා

උපුටා ගත් මුල් පුවත පහතින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ධනංජය සිල්වා එළැඹෙන ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමි වී යනු ඇති බවට වාර්තාවනවා..

ඒ අනුව දැනටමත් මූලික සංචිතයට නම් කර සිටින ධනංජය ද සිල්වා 20 20 තරඟ රටාවට නොගැලපෙන හෙයින් බොහෝ විට සංචිතයෙන් ඉවත් කරන බවට ඉහළ පෙළේ නිලධාරියෙක් morning sport පුවත්පත වෙත පවසා තිබුනී.

මූලික සංචිතයේන් ලහිරු මධුශංක ආබාධයක් මත ඉවත් වීමත් සමග ලක්ෂාන් සඳකැන්, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක යන ක්‍රීඩකයන් මෙලෙස කණ්ඩායම සමඟ එක් වී තිබේ. නමුත් තවමත් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා අවසන් 15 නම් කර නොමැති අතර ඔක්තෝම්බර් 10 දින දක්වා ICC ය විසින් මේ සඳහා කාලය ලබා දී තිබේ.

 

 

කතෘ සටහන –  ඉහත සදහන් තොරතූරු සත්‍ය තොරතූරු ලෙස අපට තහවුරු කල නොහැකිවන අතර මේ සම්බන්ධව ධනංජය ද සිල්වා තම මතය සිය නිල                               මුහුණු පොත හරහා පල කොට තිබුණි

.

ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක ‘ප්‍රබන්ධ සහ වැරදි’ කොටස් වශයෙන් නැවත නැවතත් යන විට එය උපකාර කරන්නේ කාටද?
– ධනංජය ද සිල්වා

” ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපිට නිවේදනයක් නිකුත් කළ නොහැකියි “

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ හිටපු නායක ලසිත් මාලිංග ඉකුත් දිනකදී අවසන් බලාපොරොත්තුව වූ විස්සයි විස්ස පිටියට ද සමු දෙන බව වීඩියෝවක් සාමාජ මාධ්‍යට මුදා හරිමින් පවසා සිටියහ. නමුත් ලසිත් මාලිංග මේ පිළිබඳව කිසිම ආකාරයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දීමක් කර නොමැති බව ක්‍රිකට් ආයතන නිළධාරියෙකු විසින් පුවත්පත් සාකච්ඡාකට එක්වෙමින් සඳහන් කර තිබෙනවා. තවද මාලිංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ ලිඛිතව විමසීමක් සිදු කර තිබේ. නමුත් ඔහු මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් වැඩිදුරටත් මෙම ක්‍රිකට් ආයතන නිළධාරියා පවසා ඇත. ඔහු සිදු කළ ප්‍රකාශය පහතින්,

‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඔහුගේ සමුගැන්ම සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් දැනුවත් කරලා නැහැ. නමුත් එකී සමුගැන්ම සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්න කියලා අපි ඔහුව දැනුවත් කරලා තියෙනවා. තවම ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඒ නිසා ක්‍රිකට් ආයතනය වශයෙන් ඔහුගේ සමුගැන්ම සම්බන්ධයෙන් අපිට නිවේදනයක් නිකුත් කළ නොහැකියි.’

ලොව පුරා විසිරී සිටින ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයන් මෙන්ම ඔහු ක්‍රීඩා කල සහ නොකළ ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග ඔවුනගේ ඉනස්ටග්‍රෑම්, ට්විටර්, ෆේස්බුක් ගිණුම් හරහා විශාල වශයෙන් ඔහුට සුබ පැතුම් එක් කර තිබුණි. එය එසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාලිංග ගේ මෙම සමු ගැනීම පිළිබඳව එකදු සටහනක් හෝ නොතබා තිබීම සියල්ලන්ම ප්‍රශ්න කළ අතර එය මේ වන විට දෝෂාරෝපණයට හා ප්‍රශ්න වීමකට ලක්වී තිබේ.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔහුගේ විශ්‍රාම ගැනීම පිළිබඳව දන්වා නොමැති හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියේ, ඉනස්ටග්‍රෑම්, ට්විටර් හෝ ෆේස්බුක් ගිණුම් හරහා ඔහුගේ සමු ගැන්ම පිළිබඳව එකදු සටහනක් හෝ තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් නොමැති බව අදාල බලධාරියා මෙම පුවත්පත් සාකච්ඡාකට එක්වෙමින් පවසා ඇත.

ලසිත් මාලිංග පළමුව ටෙස්ට් පිටියට ද දෙවනුව එක්දින පිටියට සමු දුන් අතර ඉකුත් 14 සිය විස්සයි විස්ස පිටියට ද සමු දීම නිල වශයෙන් දැනුම් දුන්හ. 2014 ලෝක කුසලානය ජයක්ග්‍රහණය කළ තරගයේ නායකයා වූ ලසිත් මාලිංග විශ්‍රාම ගන්නා විට විස්සයි විස්ස තරග 84 කදී බිද හෙළා ඇති කඩුලු 107 කී. එය ජාත්‍යන්තර පිටියේ තවමත් ක්‍රීඩකයෙකු ලබා ගත් ඉහළ කඩුලු සංඛ්‍යාවයි.

මුලාශය – ගයාෂාන් විතානආරච්චි

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය වෙනුවෙන් දිමුත් කරුණාරත්න පුහුණුවීම් අරඹයි..

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සුදානම් වීම සදහා ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායාමේ නායක දිමුත් කරුණාරත්න පුහුණුවීම් නැවත ආරම්භ කර ඇති බව වාර්තා වනවා..

බටහිර ඉන්දීය කොදෙව්වන් නොවැම්බර් සහ දෙසැම්බර් මෙරට දී ටෙස්ට් තරඟ දෙකක් සඳහා පැමිණිමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 21 දින බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ගාලු ක්‍රීඩාංගනයේදී පළමු තරඟය පැවැත්වීමට නියමිත අතර දෙවන තරගය ද එම ක්‍රීඩාංගනයේදී ම පැවැත්වීමට තීරණය කර ඇත.

දිමුත් කරුණාරත්න මීට පෙර මුහුණ දුන් අවසන් තරගාවලියේදි තරගාවලියේ වීරයා වූ අතර ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් ටෙස්ට් තරගාවලිය බංග්ලාදේශයට එරෙහිව ජය ගැනීමට ද සමත් විය.

කුසල් ලෝක කුසලාන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට සූදානම් විය යුතුයි – ඇෂ්ලි ද සිල්වා

ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ගේ ආබාධය නැවත වරක් උත්සන්න වීම සහ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාද ඔහු ඉතා අසීරුවෙන් දකුණු අප්‍රිකා තරගාවලියේ ක්‍රීඩා කිරීමක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වනුයේ ඔහු ලෝක කුසලානය වන විට සම්පූර්ණ සුවය ලබා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරනු ඇති බවටයි.

එසේම ලහිරු මධුශංක දකුණු අප්‍රිකා තරගාවලියේ තෙවන තරගයේදී පන්දු රකින අතරතුර ආබාධයකට ලක් විය. එමනිසා ඔහු එළැඹෙන ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් හී ප්‍රධාන විදායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා සිටියහ.

” කුසල් සති තුනක කාලයකට ඉවත් වෙලා ඉන්නෙ. ඒ නිසා ඔහුගේ තත්වය පිළිබදව අපට භෞතචිකිත්සකවරයාගෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍යයි. එය එතරම් බරපතල ආබාධයක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා ලෝක කුසලාන තරගාවලිය වෙද්දි ඔහු සුවවෙයි කියලා”

එසේම ඒ මහතා පවසා සිටියේ ඕමානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙක කුසල් හට මග හැරී යනු ඇති බවත් ICCය සංවිධානය කරන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට ඔහු සූදානම් විය යුතු බවත් ය.

“ඕමානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක කුසල් ක්‍රීඩා කරාවි යයි කියන්න අමාරුයි. නමුත් ICC ය සංවිධානය කරන පුහුණු තරග දෙක ක්‍රීඩා කිරීමට ඔහු සූදානම් විය යුතුයි. ඔහුට ක්‍රීඩා කිරීමට සුදුසු කවදාදැයි තීරණය කළ නොහැකියි. එය රදාපවතින්නේ ඔහු කෙතරම් ඉක්මනින් සුදුසුකම් ලබනවද යන්න මතයි. ඔහුගේ තත්වය පිළිබදව භෞතචිකිත්සකවරා අපිව දැනුවත් කරයි.”

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 21 ජෛව ආරක්ෂක බුබුල ඇතුළු වීමට නියමිත අතර 24 ආර් ප්‍රේමදාස පිටියේ පුහුණුවීම් ආරම්භ කරනු ලබයි. ඔක්තෝම්බර් 10 දින තෙක් කුසල්ගේ ස්ථානයට කිසිම ක්‍රීඩකයෙක් නම් කරනු නොලැබේ.

මිකී ආතර් මහතාගේ ධූර කාලය දෙසැම්බර් මස අවසන් වන බවත් ලෝක කුසලානය නිසා ඒ පිළිබඳව කිසිවක් පැසසිය නොහැකි බව ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කර සිටියහ.

නමුත් මීට ශ්‍රි ලංකා ක්‍රිකට් තක්ෂණික කමිටුවේ සමාජිකයෙක් වන මුත්තයියා මුරලිදරන් මාධය සාකච්ඡාවකදී පවසා සිටියේ ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට රොෂාන් මහානාම මහතාගේ නම මේ වනවිටත් යෝජනා වී ඇති බවය.