ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරග ඉතිහාසය ගැන ඔබ දැනුවත් ද ?

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරග ඉතිහාසයේ ආරම්භය 1992 දක්වා දිවෙන අතර විස්සයි විස්ස, ටෙස්ට් යන තරග රටා වලින් විශාල තරග සංඛ්‍යාවක් දෙරට අතර පවත්වා තිබේ…

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ක්‍රිකට් කණ්ඩායම් දෙක එක්දින තරගයකදී පළමු ගැටුම 1992 හි ලෝක කුසලානයෙහිදි ඇති විය.
ඒ අනුව 1992 මාර්තු 02 වෙලින්ටන් හිදී පැවැත්වුනු මෙම තරගයේ මුලින් පහර දුන් දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 195 ක් ලබා ගත්හ. ඩොන් අනුරසිරි කඩුලු 3ක් ද අර්ජුන රණතුංග කඩුලු 2ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 පන්දු 5 දී කඩුලු 7ක් දැවී ලකුණු 198 ක් ලබා ගනිමින් කඩුලු 3 ක ජයක් ලබා ගැනීමට සමත් විය. රොෂාන් මහානාම ලකුණු 68 ක් ද අර්ජුන රණතුංග ලකූණු 64 ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙත ජය ගෙන එනු ලැබීය.

දෙරට අතර 1992 න් ඇරඹි එක්දින තරග ගැටුමෙහි මේ දක්වා තරග 77 ක් ක්‍රීඩා කර තිබේ. ඉන් වැඩිම තරග සංඛ්‍යාවක් ජය ගෙන තිබෙනුයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමය. ඒ තරග 44 ක් ය. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයක්ග්‍රහනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ තරග 31 පමණි. මීට අමතරව එක් තරඟයක් ජය පරාජයෙන් තොරව හා තවත් තරඟයක් ප්‍රතිපලයක් නොමැතිව අවසන් විය.

2017 පෙබරවාරි 10 දින සෙන්චුරියන් හි පැවති එක්දින තරගෙයේදී කඩුලු 6 කට ලකුණු 384 ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූ අතර එය හැඳින්වෙනුයේ දෙරට අතර ඉනිමක වාර්ථා වූ ඉහළම ලකුණු සංඛයාව ලෙසය.

(Photo by Richard Huggard/GalloImages/Getty Images)

අඩුම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමය.ඒ 2012 ජනවාරි 11 පාර්ල්හිදි පැවති තරඟයේදී ය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 එක පන්දුවක් අවසානයේ දී සියල්ලන් දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 43 ක් පමණි.

එසේම දෙරට අතර මෙතෙක් පැවැත්වූ එක්දින තරග තුලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාරය. ඒ තරග 44 කදි ලකුණු 1789 ක්ය.

තවද වැඩිම කඩුලු ලාභියා වනුයේ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෂෝන් පොලොක්ය.ඒ අනුව ඔහු තරග 35 කදී කඩුලු 51 ක් ලබා ගනිමින් වැඩිම කඩුලු ලාභියා ලෙස නම් දරා සිටී.

(Photo credit :  Manan Vatsyayana/AFP/Getty Images)

එසේම ඉනිමක වැඩිම ලකුණු ලාභියා වනුයේ දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු පෆ් ඩුප්ලෙසිය.
ඒ 2017 පෙබරවාරි 7 කේප් ටවුන් හි පැවති තරඟයේදී පන්දු 140 ට මුහුණ දෙමින් ලකුණු 185 ක් ලබා ගනිමින්ය. මෙම ඉනිමට හතරේ පහරවල් 16 ක් මෙන්ම හයේ පහරවල් 3 ක් අන්තර්ගතය.

අකිල ධනංජය ඉනිමක හොදම පන්දු යැවීමට හිමිකම් කියන අතර ඒ පන්දුවාර 9 කදී ලකුණු 29 ට කඩුලු 6ක් ය. 2018 වසරේ අගෝස්තු 12 වන දිනදීය.

2021 ට අදාළ පළමු එක්දින තරගය සැප්තැම්බර් 02 දින ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

Leave a Comment