ලසිත් මාලිංග නැවත් ක්‍රිකට් පිටියට..???

ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම විශිෂ්ඨ වේගපන්දු යවන්නෙකකු වන ලසිත් මාලිංග එළබෙන ලෝක කුසලානයේ සිට ක්‍රිකට් කන්ඩායමක පුහුණු උපදේශකයකු ලෙස පත් කිරීමට නියමිත බව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රීඩා වැඩසටහනක් හා සම්බන්ධ නිළ Facebook පිටුවක සටහනක් තබමින් පවසා තිබෙනවා…

නමුත් ඔවුන් ලසිත් මාලිංග කුමන කණ්ඩායමක පුහුණු උපදේශකු ලෙස එක්වනවා ද යන්න නිශ්චිතව පවසා නොමැති අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ මේ පිලිබදව අවසන් තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ලසිත් මාලිංගට විදෙස් රටවල් රැසක්ද මේ සදහා ආරාධනා කර ඇති බවත් ය.

නමුත් මේ වන විට මේ පිළිබදව නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් කිසිදු ක්‍රිකට් ආයතනයක් හෝ කණ්ඩායමක් ප්‍රකාශයට නිකුත් කර නොමැත.

විස්සයි විස්ස කඩුලු 107 ට උරුමකම් කියන මාලිංග මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදන කර නොමැත.

Leave a Comment