පවත්වපු පරීක්ෂනය පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නෑ. – මහින්දානන්ද අලුත්ගමගේ

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර 2011 දී පැවති ලෝක කුසලානයේ අවසන් මහා තරගය පාවාදීමක් පිළිබඳව බොහෝ කට කතා එකල පැතිරී ගිය අතර මෙරට ආණ්ඩු පක්ෂ අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද පසුගිය මැතිවරණ සමයේ මේ පිළිබද ආන්දෝලාත්මක ප්‍රකාශයක් කර තිබුණි.

මීට ඉකුත් දිනකදී නීතිපති වරය මෙම පරීක්ෂනය ඉදිරියට කර ගෙන යාම නවතා දමන ලෙස කිය සිටියේ 2011 අවසන් මහා තරගය පාවාදීමක් වුව යැයි පැවසීමට තරම් නිසි සාක්ෂි නොමැති බැවිනි. එහිදී එතුමා නැවත වරක් කිය සිටියේ මේ සම්බන්ධව තමන් කළ අනාවරණයන්ට අනුව පරීක්ෂණ කටයුතු සිදු නොවූ බවයි. කෙසේ වෙතත් මේවැනි ආන්දෝලනාත්මක ඔප්පු කළ නොහැකි ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීති පියවර ගන්නවද යැයි පාර්ලිමේන්තු සැසි වාරයකදි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැනයක් නැගූ අතර එයට පිළිතුරු දුන් අලුත්ගමගේ ඇමතිවරයා කිය සිටියේ,

“ලෝක කුසලානය පිළිබද මම ප්‍රකාශයක් කර. ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වුවා. නමුත් ඒ පවත්වපු පරීක්ෂනය පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නෑ. මම එහෙම කියන්නේ වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ඉන්න නිසා. ඒ පරීක්ෂණයේදි එවකට ලෝක කුසලානය පවත්වන වෙලාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති, ලේකම්ගෙන් කටඋත්තර අරගෙන නැහැ. ඒ ලෝක කුසලානයේ කළමනාකරුගෙන් කටඋත්තර අරගෙන නැහැ. මම පැහැදිලිවම කිව මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කියලා. නමුත් පරීක්ෂණය නොමග යවන්න ක්‍රීඩකයෝ ගෙනාවා මේකට. මෙතන ප්‍රශ්නයක් තිබෙන්නේ ක්‍රීඩකයෝ එක්ක නෙවෙයි.

ලෝක කුසලානය ක්‍රීඩා කරපු වෙලාවේ එවකට ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු කළමනාකරු සුරාජ් දන්දෙනිය, ලේකම් නිශාන්ත රණතුංග, සභාපති D.S ද සිල්වා මේ අයගෙන් කටඋත්තර ගන්න කියලා මම CID එකට කිව්ව. නමුත් මේ කිසි කෙනෙක්ගෙන් කටඋත්තර ගන්නේ නැතිව ක්‍රීඩකයන්ගෙන් කටඋත්තර අරගෙන නීතිපති දෙපාර්තමේන්තුවට යවලා මේකේ ගන්න කිසිදෙයක් නැහැ කියලා. ඒ නිසා මෙම පරීක්ෂණය ගැන මම සෑහීමකට පත් වෙන්නේ නැහැ.”

Leave a Comment