තීරණාත්මක ශ්‍රි ලංකාව සහ අයර්ලන්ත අතර තරගය අබුඩාබි හීදී..

විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 අතරට තෝරා ගැනීම සදහා වන පළමු වටයේ තරග මේ වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ ඕමානය කෙන්ද්‍ර කර ගනිමින් පැවැත් වේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන සුපර් 12 වටයට සුදුසුකම් ලබා ගැනීමේ තිරණාත්මක දෙවන තරගය අද (20) ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට අබුඩාබිහිදී ෂෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අයර්ලන්තට එරෙහිව පැවැත්වෙන අතර පෙරේදා නැමිබියව සමග පැවැති තරගය කඩුලු 07 න් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

 

via Getty Images

විස්සයි විස්ස ලෝක කුසලානයකදී අයර්ලන්ත පිල 2009 දී එකිනෙක හමු වූ අතර එහිදී ශ්‍රී ලංකාවට ජය හිමිවිය.  නමුත් වර්තමානයේදී අයර්ලන්ත කණ්ඩායම ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් පෙරලිකාර කණ්ඩායමක් ලෙස හැඳින්වේ. මීට පෙර නෙදර්ලන්තය සමඟ පැවති තරගයේදී අයර්ලන්තය ඉතා විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කල අතර එම තරගයේදී කර්ටිස් කැම්ෆර් පිට පිට කඩුලු 04 ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව අද තරගය ද ඔවුන් ජය ගැනීමට ඔවුනගේ උපරිමය ලබා දෙනු ඇත.

රාත්‍රී කාලයේදී දැඩි පින්නක් පවතින බැවින් කාසියේ වාසිය ඉතා තීරණාත්මක සාධකයක් බව භානුක රාජපක්ෂ පවසා සිටියහ. පින්න හේතුවෙන් දෙවනුව පන්දු යැවීම ඉතා අපහසු කාර්යයක් බව පවසා සිටී ඔහු කිය සිටියේ පෙරේදා තරගය මුලින් පන්දු යැවීමට තීරණය කළේ මෙම හේතුව නිසා බව ද ඔහු කියා සිටියහ. ඉදිරි තරග වලදී පින්න ඉතා තීරණාත්මක සාධකයක් බවද පැවසූහ.

” ඒත් අපිට නිතරම කාසියේ වාසියේ මත විශ්වාසය තියන්න බෑ. ඒ නිසා අපි පුහුණුවීම් වලදී තෙත පන්දුවෙන් පුහුණුවිය යුතුයි. අපේ පන්දු යවන්නන් ඒ අභියෝගයට ලෑස්තියි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියහ.

අද පැවැත්වෙන තරගයේදි ද නැමිබියාව සමග ක්‍රිඩා කල කණ්ඩායම ක්‍රිඩා කරනු ඇති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් මහතා පැවසුවා..

අද තරගයට ක්‍රිඩා කිරීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ.

අපේක්‍ෂිත අයර්ලන්ත කණ්ඩායම – Paul Stirling, Kevin O’Brien, Andy Balbirnie (C), Gareth Delany, Curtis Campher, Harry Tector, Neil Rock (wk), Simi Singh,Mark Adair, Josh Little,Ben White

 

A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ පෙරමුණ ගන්න කණ්ඩායම් දෙක සුපිරි 12 අතරට තේරී පත් වේ. සුපිරි 12 වටයේ තරග ලබන 23 දා ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායම් 08 ක් මේ වන විටත් සුදුසුකම් ලබා තිබේ. ශ්‍රි ලංකාව මුහුණ දෙන මීළග තරගය 22 දා නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතය.

 

 

 

 

Leave a Comment