තම එකම අරමුණ තවදුරටත් රට වෙනුවෙන් ක්‍රිඩා කිරිමයි – කුසල් මෙන්ඩිස්

පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ කුසල් මෙන්ඩිස් රට අතහැර ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායම හා එක් වන බව පුවතක් සංසරණය විය. ඒ පිළිබද නවසිලන්තය අතහැර ඇමරිකානු කණ්ඩායම සමග එක් වූ  Corey Anderson ගේ නිල facebook ගිණුමේද විදේස් වෙබ් අඩවියක් උපුටා දක්වමින් More retirements coming up ලෙස සටහනක් තබා තිබේ..

නමුත් අද දින ඒ සම්බන්දයෙන් විමසූ විට අදහස් දැක් වූ කුසල් මෙන්ඩිස් පවසා සිටියේ රට අතහැර ඇමරිකාවට යාමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති අතර තව දුරටත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම තමා ගේ එකම අරමුණ බවත් නැවත පුහුණුවිම් ආරම්භ කල බවතය..

එමෙන්ම  දික්වැල්ල සහ ගුණතිලක යන ක්‍රිඩකයින් දෙදෙනාම නැවත පුහුණුවීම් අරඹා ඇති බවත් වාර්තා වනවා…

Leave a Comment