ළහිරු දියණු වුණේ තනිකරම උත්සහයෙන් – චමින්ද වාස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන වේග පන්දු පුහුණුකරු වන චමින්ද වාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පිළිබඳව ඩුබායි හි තරග ආවරණය කරන ශ්‍රී ලංකා මාධ්‍ය වේදීන් සමග ඔහුගේ අදහස් දක්වා තිබුණි.

එහිදී ඔහු පවසා සිටියේ පැයට කිලෝමීටර 145 ට වැඩි වේගයකින් පන්දු යවන චමීර සහ කුමාර සුපිරි කණ්ඩායම් 12 තුළ පන්දු යවන ආකාරය ඉතා සතුටින් බලා සිටින බවය.

ලහිරු කුමාරගේ උනන්දුව හා උවමනාව මත පිතිකරුවන් සමඟ පන්දු යැවීමේ පුහුණුවීම් වලට අමතරව වෙනම චමින්ද වාස් සමග පවා පුහුණුවීම් කරන බව ඔහු කියා සිටියහ. මීට පෙර විස්සයි විස්ස තරග වලදී ඔහු සාර්ථකත්වයක් දක්වා නොමැති බව පෙර දත්ත වාර්තා පරික්ෂා කිරීමෙන් දැක ගත හැක.

නමුත් ඔහු මේ තරගාවලියේ පන්දු යවන ආකාරයට පත් වූයේ ඔහුගේම උත්සාහය සහ උනන්දුව මගින් බවද ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස් තවදුරටත් කිය සිටියහ.

” ලහිරු අපි එක්ක පළමු 30 දෙන අතර හිටියා නමුත් ඔහු 15 හිටියේ නෑ. මම ඔහුත් එක්ක වැඩ කළා. පන්දු යවද්දී පිතිකරුවන්ට විතරක් නෙවෙයි වෙන්න අරන් ගිහින් පන්දු යැව්වා. ඔහුගේ ස්කිල් එක වර්ධනය කළා. මම හිතන්නේ එයාටත් ලොකු උවමනාවක් තිබ්බ ඒ දේවල් හදා ගන්න. මොකද එයා විස්සයි විස්ස තරග වල ඉතාමත් හොදින් ක්‍රීඩා කරලා තිබුණේ නෑ.”

” ඇත්තටම මම ගොඩක් සතුටුයි අපේ වේග පන්දු යවන්නන් ගැන. විශේෂයෙන් දුෂ්මන්ත චමීර අන්තිම මාස අටක කාලයේ ඔහු ඉතාමත් හොදින් පන්දු යැව්වා. පන්දුව දෝලනය කළා. යොකර් පන්දුව යවන්න වෙනම පුහුණුකළා. ඒ දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ඔවුන් ගොඩක් මහන්සි වෙලා පුහුණුවීම් කළා. ඔවුන්ට අවශ්‍යතාවක් තියෙනව රට වෙනුවෙන් හොදට කරන්න. සම්පූර්ණයෙන්ම මේ වෙනුවෙන් ඔවුන්ට ක්‍රෙඩිට් එක යන්න ඕනි.”

” විශේෂයෙන්ම චාමිකට ඕනිම වේලාවක 140 ට වැඩි වේගයකින් පන්දු යවන්න පුළුවන්. නමුත් ඔහු ගොඩක් උත්සාහ කළේ පන්දුව දෝලනය කරන්න. අබුඩාබි ක්‍රීඩාංගනයේ එක පැත්තක් පොඩි නිසා අපි චාමිකට පළමු පන්දුවාරය දුන්නා. එහෙම කළේ චමීරගෙයි, ලහිරුගෙයි පන්දුවාර වලින් හරි ප්‍රයෝජන ගන්න. ” යැයි වාස් පවසා සිටියහ.

සුපිරි 12 වටයේ කණ්ඩායම් හි දක්ශතාවය එක හා සමාන බව චමින්ද වාස් ගේ මතය බව පවසා සිටියහ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග ක්‍රීඩා කිරීමෙන් ලබා ඇති අත්දැකීම් මෙම තරග වටයේ ශ්‍රී ලංකාවට ඉතා වාසි දායක බව ද ඔහු පවසා සිටියහ.

එසේම මහේල ජයවර්ධනගේ ආගමනය ගැනද ඔහු ඔහුගේ මතය පවසා සිටියහ.

මහේලගේ පැමිණීම එක්ක ගොඩක් දේවල් කණ්ඩායම ඇතුලේ සිදු වුණා. අපි ගත්තොත් මහේල ජයවර්ධන කියන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම පුහුණුකරුවෙක්. දැන් ඔහුගේ තියෙන අත්දැකීම්, ඔහු නායකයෙක් විදිහට හිතන විදිහ, පුහුණුකරුවෙක් විදිහට හිතන විදිය විශාල වෙනසක් තියෙනවා.

Leave a Comment