පාකිස්ථානයේ සංචාරය කිරීමට ඉදිරිපත් වූ හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධම්මික ප්රසාද්ට හිටපු පාකිස්තාන නායක ෂහිඩ් අෆ්රිඩි සිය ස්තූතිය පළ කර තිබේ.
ධම්මික ප්රසාද් පවසා ඇත්තේ විශ්රාමික ශ්රී ලාංකික ක්රීඩකයින් පකිස්ථානයේදී ප්රදර්ශන තරඟ කිහිපයක් ක්රීඩා කිරීමට පැමිණීමට සූදානම් බවයි.
Still I can remember when we had tough time during the war you guys @BCCI & @TheRealPCB came for us to save our @OfficialSLC so @TheRealPCB we retired players ready to come and play some exhibition matches in Pakistan soil @SAfridiOfficial @MHafeez22 @iramizraja @shoaib100mph pic.twitter.com/xZ7KwOhHvU
— Dhammika Prasad (@imDhammika) September 20, 2021
ප්රසාද්ට ප්රතිචාර දක්වමින් පාකිස්ථානයේ හිටපු නායක අෆ්රිඩි හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයාගේ කාරුණික වචන වලට ස්තූති කළේය.
“පාකිස්තානය සෑම විටම ක්රිකට් වලට සහ ලොව පුරා සිටින අනෙකුත් ක්රීඩා කණ්ඩායම් වලට සහයෝගය දැක්වීමට අප්රමාදව කටයුතු කර ඇති අතර ඇත්තෙන්ම අපි විශාල හදවත් ඇති ජාතියක්!” අෆ්රිඩි ට්වීට් කළේය.
ධම්මික ප්රසාද්ගේ මෙම ඉල්ලීම පැමිණෙන්නේ පකිස්ථානයේ ආරක්ෂක ගැටලු හේතුවෙන් ක්රිකට් තරග මාලාවන් කිහිපයක් අත්හිටුවා ඇති අවස්ථාවක ය