ශ්‍රි ලංකා19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයින් පළමු වටයෙන්ම යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙයි..

මෙම මස ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ තරගාවලිය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරන යොවුන් සංචිතයේ ක්‍රීඩකයන් සියලු දෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වී ඇති බව වාර්තා වනවා. ශ්‍රීලංකා 19 පහළ සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 26දෙනාම මෙලෙසින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇති බවත් ඒ පිළිබඳ තමන් සතුටු වන බවත් යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා The Island පුවත්පත වෙත සදහන් කොට ඇත.

“පසුගිය සති කිහිපය තුළදී කණ්ඩායම වැඩිදියුණු කළ ආකාරය ගැන මම සතුටු වෙනවා. මෙම පුහුණු කඳවුර පැවැත්වූ ආකාරය ගැන සියලු දෙනා සතුටු වෙනවා. එය විශාල අභියෝගයක් විය. ක්‍රීඩකයින් මාස 18 කටත් වැඩි කාලයක් තිස්සේ කිසිදු ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩා කර නැත. ඔවුන් කාලයකට පසු ඔවුන් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්න සුදානම් වෙන්නෙ ” යනුවෙන් ඒ මහතා පවසා ඇත.

සංචිතයේ ක්‍රීඩකයන් 26 දෙනාම ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමෙන් පසු පුහුණුවීම් ඉදිරියටත් පවත්වාගෙන යාමට සුදුසුකම් ලැබූ බවද අවිශ්ක ප්‍රනාන්දු සදහන් කොට ඇත. දින කිහිපයක විවේකයෙන් අනතුරුව යළිත් පුහුණුවීම් ආරම්භ කරන බවත් අවිශ්ක ප්‍රනාන්දු මහතා The island වෙත පවසා ඇත.

Leave a Comment