ලෝකයේ හොදම කණ්ඩායම බවට පත්වු විට අපේ රටේ තරගාවලි ක්‍රිඩා කිරිමට සෑමදෙනාම පෝලීමේ ඉදිවි – රමිස් රාජා

පකිස්ථානය එරටදී එක්දින තරඟ 03 කින් සහ T20 තරග 5 කින් යුත් තරඟාවලියක් නවසීලන්තය සමග සංවිධානය කර තිබුනද එය හදිසියේ ගත් තීරණයක් මත නතර කර දමන ලදී.

17 දින පළමු එක්දින තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර නවසීලන්තය විසින් තරගාවලිය අතහැර දමන ලදී.ඒ නවසීලන්ත රජය විසින් ආරක්ෂාව සම්බන්ධ කළ අනතුරු ඇඟවීමක් පදනම් කර ගෙනය.

කෙසේ වෙතත් නවසීල්තය කණ්ඩායමේ මේ ක්‍රියා කලාපය ගැන බොහෝ විද්වතුන් සිය විරෝධය සහ කණගාටුව පළ කරමින් පවතී.පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමිස් රාජා සදහන් කළ සිටියේ.

“අපේ වේදනාව අපි බෙදාහදා ගන්නවා.කුමක් සිදු වුවද මෙය පකිස්ථානු ක්‍රිකට් වලට හොඳ නැත.නමුත් අවධාරණය කළ යුතු එක් කරුණක් නම් අතීතයේදී අප එවැනි අත්දැකීම් වලට මුහුණ දී ඇති අතර අප සැම විටම ඉදිරියට යන බවයි.එබැවින් පාකිස්තාන කණ්ඩායම පිටුපස සිටගෙන [විස්සයි 20] ලෝක කුසලානයේදී ශක්තියක් වන ලෙස මම අපේ රසිකයින්ගෙන් ඉල්ලා සිටිනව.

මගේ කණ්ඩායමට,මම කියන්න කැමතියි පිටියේදී ඔබේ කලකිරීම් එළියට ගන්න මන්ද මගේ කණ්ඩායමට එය එකම පිළියම වන නිසා.ඔබ ලෝකයේ හොඳම කණ්ඩායම බවට පත් වූ විට එවිට ඔබේ රටේ තරගාවලි ක්‍රීඩා කිරීමට සෑම දෙනාම පෝලිම් ගැසී සිටියි

ඒ නිසා මම බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙකුම මෙය පාඩමක් ලෙස ගෙන ඉදිරියට යාමට මිස බලාපොරොත්තු සුන් කර ගැනීමක් නොවේ. PCB රමිස් රාජා

Leave a Comment