ලසිත් මාලිංගගේ වාර්තාවක් නැමීබියානු ක්‍රීඩකයෙකු සතු කර ගනී

නැමිබියානු ක්‍රීඩකයෙක් ලසිත් මාලිංගගේ නම ඉදිරියේ ලියවී තිබූ වාර්තාවක් තමා සතු කර ගැනීමට සමත් වී තිබේ. ක්‍රිකට් ක්‍රීඩා කරන පෙරලිකාර රටක් නොවුනත් මෙම වාර්තාව අගය කළ යුත්තකි.

නැමිබියානු රාජ්‍යයේ ඩේවිඩ් විස් මෙලෙස ලසිත් මාලිංගගේ වාර්තාව බිද හෙලන ලදී. උත්පත්තියේ දකුණු අප්‍රිකා ජාතිකයෙකු වන විස් අද වන විට තම සේවය සපයන්නේ නැමිබියානු  ක්‍රිකට් කණ්ඩායමටය.

නිමා වූ CPL තරගාවලියේ සෙන්ට් ලුසියා කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ විස් ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව වටයේදී ලකුණු 39 ට කඩුලු 05ක් බිද හෙලීමට සමත් විය. ඔහු එම දස්කම දැක්වූ 06 වැනි අවස්ථාව වූ අතර ක්‍රීඩකයෙකු එම දස්කම දැක් වූ පළමු අවස්තාව විය.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුයේ 21 වන දශකයේ බිහි වූ හොදම පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග නම් විශිෂ්ටයා ඉදිරියේය. මාලිංග පසු කර යෑමට තරඟ 264 ක් වැය කරන ලදී. මෙහි තෙවන තැන බංගලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් හට හිමිව තිබේ.

කෙසේ වෙතත් විස් තම සේවය මුලින්ම ලබා දුන්නේ උපන් රටටය. ඒ 2013 -2016 කාලය තුලදීය. ඒ අනුව ඩේවිඩ් විස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින සහ 20 20 තරඟ 26ක් ක්‍රීඩා කර තිබේ.

2013 දී නවසීලන්තය සමගින් තම මංගල එක්දින තරගය ක්‍රීඩා කල විස් එක්දින තරග 06 දී ලකුණු 102 ක් සහ කඩුලු 09ක් බිද හෙලීමට සමත් වී තිබේ.

පළමු වරට 20 20 පිටියට පිවිසෙනුයේ 2013 R ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා පිලට එරෙහිවය. තම මංගල කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් දවා ගැනීමට ඔහු සමත් විය. දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් 20 20 තරඟ 20 ක් සදහා දායක වී ඇති විස් අවසන් වරට ක්‍රීඩා කරනු ලබන්නේද ශ්‍රී ලංකාව හා සමගය.

විස් හට තම මව් රටට ක්‍රීඩා කිරීමේ වරම් අහිමි වීමට බලපෑ එක් හේතුවක් විය. එනම් 2017 වසරේ සසෙක්ස් ක්‍රීඩා සමාජය සමගින් “කෝල්පැක්” නම් ක්‍රීඩා සම්මුතියට එළඹෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් නීති රීති වලට අනුව කෝල්පැක් ගිවිසුම් ගත වූ ක්‍රීඩකයෙකු හට තම මව් රටට ක්‍රීඩා කිරීමේ හැකියාව නොමැති වී යනවා. එමනිසා විස් හටද දකුණු අප්‍රිකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ හැකියාව අහිමිවී යනවා.

කෙසේවෙතත් ඩේවිඩ් විස් ලොව පුරා ප්‍රමුඛ පෙලේ ප්‍රිමියර් ලීග රැසකම ක්‍රීඩා කිරීමේ වරම් හිමි විය.ඒ අනුව

IPL රෝයල් චැලෙන්ජර් බැංගලෝර්
CPL ගායනා ඇමසන් වෝරියස්, බාබඩෝස් රෝයල්, සෙන්ට් ලුසියා කිංග්ස්
PSL කරච්චි කිංග්ස්, ලාහෝර් කලන්දර්ස්
BPL කුල්නා ටයිගර්ස්
යන කණ්ඩායම් නියෝජනය කිරීමේ හැකියාව මොහුට ලැබුණි.

නැමිබියනු කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමේ වාසනාව හිමි වූයේ තම පියාගෙන් ය. ඒ අනුව නෑමිබියානු කණ්ඩායම වෙනුවෙන් පළමු තරගය ලෙස ක්‍රීඩා කරනු යේද ශ්‍රී ලංකා කණ්ඩායමට වීමද සුවිශේෂී කරුණකි.

වාර්තා ඇති වේ නැති වේ. එයයි වාර්තා වල ස්වාභාවය. වාර්තා යනු පෙනබුබුළු පිනි කැකුළු මෙනි.

Leave a Comment