ක්‍රිකට් ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩා අතරින් තවත් එක් ක්‍රීඩාවකි. යුරෝපීය කලාපය තුලද මෙය ඉතා ප්‍රචලිත ක්‍රීඩාවකි.
ස්පාඤ්ඤයේ පැවැත්වෙන යුරෝපීය කලාපීය ලෝක කුසලාන 20 20 තරගාවලියේ සුදුසුකම් ලැබීමේ අවසන් වටයට ක්‍රීඩා කරන ඉතාලි කණ්ඩායම සදහා ශ්‍රී ලංකාවේ උපත ලද ක්‍රීඩකයන් තිදෙනෙකු හට අවස්ථාව උදා වී තිබේ.
01 මධූප ප්‍රනාන්දු
02 දිනිඳු මාරගේ
03 ජෝයි පෙරේරා
මෙලෙස එක් වූ ක්‍රීඩකයන් තිදෙනාය.
01 මධූප ප්‍රනාන්දු
1991 ජූලි උපත ලද මධූප 2017 දී ඉතාලි කණ්ඩායම සමග එක් වන අතර 2018 දී වැඩිම කඩුලු ලාභියා වූයේද මධූපය. එහිදී ඔහු බිද දැමූ කඩුලු සංඛ්‍යාව 06 කි ඒ සදහා තරග 08 ක් වැය කොට තිබේ.
02 දිනිඳු මාරගේ
1981 සැප්තැම්බර් 24 කොළඹදි උපත ලද දිනිඳු ගේ සම්පූර්ණ නම දිනිඳු අසංක මාරගේය.ඔහු දක්ෂ තුන් ඉරියව ක්‍රීඩකයෙක් වන අතර දේශීය පිටියේ බ්ලූම්ෆීල්ඩ්, හලාවත මේරියන්ස් සහ පානදුර කණ්ඩායම් සදහා ක්‍රීඩා කර තිබේ. 2013 සිට ලෝක ක්‍රිකට් ලීගයේ 3 කොටසෙහි ඉතාලි කණ්ඩායම නියෝජනය කරන ලදී.
03 ජෝයි පෙරේරා
1987 මැයි 1 උපත ලද මොහුගේ සම්පූර්ණ නාමය වනුයේ බෙන්තොට බදුගේ ජෝයි ලෙනින් පෙරේරා ය. 34 හැවරිදි ජෝයි පෙරේරා 2010 සිට ඉතාලි කණ්ඩායම නියෝජනය කරමින් සිටි. දකුණත් මැද පෙළ ක්‍රීඩකයෙක් වන මොහු ඉතාලි කණ්ඩායම සදහා විශාල මෙහෙයක් කරමින් සිටි. ජර්මනියට එරෙහිව 2019 දී ඉතාලි කණ්ඩායම වෙනුවෙන් පළමු 20 20 තරගය ක්‍රීඩා කරන ලදී.
ගරෙන් බර්ග් (නායක), ජේඩ් ඩර්න්බැච්, මධූප ප්‍රනාන්දු, ජේමි ග්රැසි, ග්රන්ට් ස්ටුවර්ට්, ඩැරන් ලෝ, දිනිඳු මාරගේ, ජියන් පියාරෝ මේඩ්, ජෝයි පෙරේරා, අමීර් ෂරීෆ්, බල්ජිත් සිං, ජස්ප්රීත් සිං, මන්ප්‍රිත් සිං, නිකලොයි ස්මිත්
ඉතාලි ජාතික කණ්ඩායම මෙසේය.