මේ වන තෙක් T20 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක වැඩිම ලකුණු ලාබීන්..

Icc විස්සයි විස්ස ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක වැඩිම ලකුණු ලාබීන් පස් දෙනා අතරින් දෙදෙනෙකුම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වේ.

ඒ ලින්ඩන් සිමන් සහ ක්‍රිස් ගේල් ය. ලින්ඩන් සිමන් 2016 වසරේ අර්ධ අවසන් පූර්ව වටයේ ලකුණු 82 ක් ලබා ගත්හ. එසේම ගේල් 2012 වසරේ දී ලකුණු 75 ක් ලබා ගත්හ. අර්ධ අවසන් පූර්ව වටයක ඉහළම වැඩිම ලකුණු ලාභින් අතර පළමු තැන හිමි වනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ය. ඒ නොදැවී ලකුණු 96 ක් ලබා ගනිමිනි.

අර්ධ අවසන් පූර්ව වටයක වැඩිම ලකුණු ලාභින් මෙසේ දැක්විය හැක,

01 තිලකරත්න ඩිල්ෂාන්

2009 ලෝක කුසලානයේදී ඩිල්ෂාන් ලකුණු 96 ක් නොදැවී ලබා ගැනීමට සමත් විය. ඒ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.

02 විරාත් කෝලි

කෝලි 2016 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේදී ලකුණු 89 ක් ලබා ගැනීමට සමත් විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.

03 ලින්ඩන් සිමන්

සිමන් 2016 වසරේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 82 ක් ලබා ගැනීමට සමත් විය.

196 ක ඉලක්කයක් හඹා ගිය බටහිර කොදෙව්වන්ට ජය ගෙන ඒමට මෙම ඉනිම බෙහෙවින් ඉවහල් විය. සිමන්ස් මෙම තරගෙයේ වීරයා බවටද පත් විය.

04 ජේසන් රෝයි

2016 ලෝක කුසලානයේ අර්ධ අවසන් තරගයේ රෝයි ලකුණු 78 ක් ලබා ගැනීමට සමත් විය. ඒ ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය.

05 ක්‍රිස් ගේල්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ගේල් 2012 අර්ධ අවසන් වටයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 75 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු 41ක් මෙම ඉනිම සදහා වැය කළහ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 210 ක් වැනි විශාල ලකුණු පුවරුවක් සදහා ගෙන යාම සදහා මෙම ඉනිම බෙහෙවින් ඉවහල් විය. එසේම තරගයේ විරයද වූයේ ගේල් ය.

මීට අමතරව කෝලි සහ මිචෙල් මෙම ලැයිස්තුවෙහි 6,7 ස්ථානයන් හි සිටි.

 

Leave a Comment