මුරලිගේ චෝදනාවලට ජේෂ්ටයින්ගෙන් පිලිතුරු ලිපියක්

පසු ගිය දිනක පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට සහභාගි වූ හිටපු දග පන්දු යවන මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන තත්වය පිලිබඳව අදහස් ප්‍රකාශ කර සිටියහ.

මෙහිදී සියලු වැරදි ක්‍රීඩකයන් පිට පටවන ආකාරයක් දක්නට ලැබුණු අතර එයද නම්කල ප්‍රදාන ක්‍රීඩකයන් දෙදෙනෙකු හා තවත් ජේෂ්ඨ යන් දෙදෙනෙකු පිළිබඳව ඔහු සදහන් කරන ලදී. මුරලි එහිදී ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්න යන ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රීඩා කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට අකමැති වූයේ හිමිවන වැටුප් ප්‍රමාණය මදි නිසා බව මෙන්ම කණිෂ්ඨ ක්‍රීඩකයන්ට පවා ඔවුන් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ඉඩ නොදුන් බව තරයේ ප්‍රකාශ කළහ.තවද මෙම ක්‍රීඩකයන් දෙදෙනා ශ්‍රී ලංකා නාමය සහ ජාතික ධජය නොමැතිව ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවද පවසා සිටී බව මුරලි විසින් එම වැඩසටහනේදී පවසන ලදි.

මෙම සියලු කරනු පදනම් කර ගනිමින් ඊයේ දින (17) මුරලිදරන් වෙත ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න යන ක්‍රීඩකයන් දෙදෙනා ලිපියක් මගින් ඔහු ඉදිරිපත් කළ සියලු තොරතුරූ සාවද්‍ය බවත් කිසිසේත් පිලිනොගන්න බවත් ප්‍රේක්ෂකයා නොමග යව ඇති බව ඔවුන් දන්වා තිබුණි.

මෙහිදී ඔවුන් ඉස්මතු කළ කරුණු මෙසේය

කොන්ත්‍රාත් ගැටලුව පිළිබඳ කරුණු වැරදිබවත්.
කොන්ත්‍රාත්තු වල ප්‍රශ්නය තනිකරම මුදල් බව ඔබ ප්‍රකාශ කිරීම අසාධාරණ සහ අසත්‍යයක් බවත් එවැනි චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔවුන් විසින් දක්වා තිබුණි.

එසේම මුරලි ක්‍රිකට් කමිටුව පත් කිරීමේ ආරම්භයේදී පැවති එක් රැස්වීමකට පමණක් සහභාගි වූ බවත් එය පුදුමයට කරුණක් බවද දක්වා තිබුණි.ගිවිසුමකට එළැඹීමට පෙර ඕනෑම අයෙකුට ප්‍රශ්න කිරීමේ අයිතිය ඇති බවත් අප එමනිසා මෙහි පවතින විනිවිද භාවය පිළිබඳව ප්‍රශ්න කළ බවත් ඔබ එය වැරදි ලෙස ප්‍රේක්ෂ්කයට ලබා දී ඇති බවත් දක්වා තිබුණි.

ක්‍රීඩකයන් සහ පරිපාලනය අතර භේදයක් ඇති කර අසමගිය ඇති කිරීමට කැමති පාර්ශ්වයන් වැරදි තොරතුරු දී නොමග යවා ඇති බවත්
සජීවී රූපවාහිනී වැඩසටහනකදී, කණ්ඩායම සහ අප අපහාසයට ලක් කිරීම අවාසනාවකට මෙන් සමාජ සම්මතයන්හි පිළිගත හැකි ප්‍රමිතීන්ට වඩා පහළ මට්ටමක පවතින අතර එය හුදෙක් වෘත්තීයමය නොවන බව සැලකිය හැකි බවද වැඩදුරටත් දක්වා තිබුණි.
ඕනෑම ගිවිසුමකට එළඹීමට පෙර සෑම කෙනෙකුටම සාධාරණ ප්‍රශ්න ඇසීම අයිතියක් බව සියලු ක්‍රීඩකයින්ගේ අදහස වූ බවද ඔවුන් දක්වා තිබුණි.
තවද ඔහු හා සම්බන්ධ කරුණක් ඉස්මතු කරමින් මොවුන් දෙදෙනා මෙසේ අදහස් දැක්වීය.

“ඔබට මතක ඇති, 2016 දී අපි ලෝක අංක 1 ටෙස්ට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව වෝර්න්-මුරලි කුසලානයේදි 3-0 ක් ලෙස පුර්ණ තරගාවලි පරාජයට ලක් කළ කණ්ඩායම නියෝජනය කළා. එම තරගාවලියේදි ඔබ මෙරට දඟකැවෙන තණතීරු වල පන්දු යවන ආකාරය ගැන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට උපදෙස් ලබාදීමට එම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දග පන්දු උපදේශකයෙකු ලෙස ගිවිසුම් ගතව සිටියා.අපේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති එම ගිවිසුම හුදෙක් වෘත්තීමය යැයි බැලූ අතර, කිසි විටෙකත් මූල්‍යමය වශයෙන් ප්‍රශ්න කළේ නැත. ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායමට ඔබ සහ ඔබේ සේවාවන් අවශ්‍ය බව දැන අපි ක්‍රීඩකයින් වශයෙන් සතුටු වුනෙමු.”

තවද, එම ලිපිය මගින් නිල ලාංඡන පිළිබඳව ද පිළිතුරු ලබා දී තිබුණි. එය කිසිසේත් ඔවුන් ප්‍රකාශ කළ කරුණක් නොවන බව හා අවාසනාවන්ත හා අසත්‍ය චෝදනාවක් බව දක්වා තිබුණි.එසේම නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු , දිල්රුවන් පෙරේරා , අසිත ප්‍රනාන්දු , භානුක රාජපක්ෂ ඇතුළු තවත් කොන්ත්‍රාත්තු ලබා නොදුන් ක්‍රීඩකයින් 14 දෙනෙකු පසුගිය අවුරුදු දෙක තුළ සැළකිය යුතු දක්ෂතා අතර සිටි ක්‍රීඩකයින් බව හා අවිශ්ක ප්‍රනාන්දු එම කාල සීමාව තළ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර සිටි කෙනෙක් බවත් විනිවිදභාවය ඉල්ලා සිටිම නිසා එම සෑම ක්‍රීඩකයෙකුටම කොන්ත්‍රාත් ප්‍රදානය නොකළ යුතුයි යන ඔබේ ප්‍රකාශය සාධාරණද යන්න ලිපියෙන් ප්‍රශ්න කර තිබුණි.

කිසියම් හෝ අයෙක් සිදුවීම් මාලාව පිළිබදව ඔබට වැරදි තොරතුරු ලබා දී තිබෙන බව දක්වා තිබූ අතර අවසානයේ මෙසේ සදහන් කර තිබුණි.

“අපි ඔබව හමුවී ඕනෑම කරුණක් පිළිබදව පැහැදිලි කර දීමට කැමැත්තෙන් පසුවනවා.
ශ්‍රී ලංකාව නැවත ජයග්‍රාහී මාවතට ගෙන ඒම සහතික කිරීම සඳහා අපගේ සියලුම ක්‍රීඩකයින් පෙළඹවීම සඳහා පරිපාලනය සහ ක්‍රීඩකයින් ඉතා සමීපව කටයුතු කළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු.”
යන්න.

Leave a Comment