බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියට නම් කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම..

එළඹෙන නොවැම්බර් මස 21 ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර  තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී  පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

කොදෙව් කණ්ඩායම නොවැම්බර් 14 වනදා සිට 17 වනදා දක්වා කොළඹ දී පුහුණු තරගයකට ද එක් වීමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.  නොවැම්බර් 10 වනදා කොදෙව් කණ්ඩායම දිවයිනට පැමිණිමට නියමිතය.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා නම් කරනු ඇතැයි අනුමාන කරන ශ්‍රී ලංකා සංචිතය ;-

දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂද ප්‍රනාන්දු, දනංජය ද සිල්වා, චරිත් අසලංක, පැතුම් නිස්සංක, රමේශ් මෙන්ඩිස්, වනිදු හසරංග, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය, දුෂ්මන්ත චාමීර, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, දිල්ෂාන් මදුශංක

මේ අතර ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, එක්දින කණ්ඩායමේ නායකත්වය සදහා නැවතත් පත් කිරිමට සුදානමක් පවතින බවට ඊයේ (30) ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කර සිටි බව the Morning Sunday පුවත්පත වාර්තා කරනවා.

මේ අනුව එක්දින සහ විස්සයි 20  යන ආකාර දෙකටම ජුනි මාසයේදී එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස ස්ථිර ලෙස පත් වූ දසුන් ශානකට ඕවර 50 ආකෘතියෙන් තම රාජකාරිය අතහැර දැමීමට සිදුවනු ඇති බව වාර්තා වනවා.

T20I සහ ODI  නායකයා ලෙස දසුන් ශානකගේ පළමු තරගාවලිය වූ ඉන්දියාවට එරෙහිව දේශීය තරඟාවලියයි. ඔවුන් එක්දින තරගාවලිය 2-1ක් ලෙස පරාජය වුවද, දිගු කාලයකට පසු කැපි පෙනෙන පිබිදීමක් ඇති කරමින් ශානකගේ නායකත්වයෙන් විස්සයි20 තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

සැප්තැම්බරයේ දී, ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියකට ක්‍රීඩා කළ අතර එහිදී ශානක විසින් ශ්‍රී ලංකාව එක්දින තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළේය. වසර අටකට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ පළමු තරඟාවලිය ජයග්‍රහණය ලෙසද වාර්තා විය.

මේ අතර ශ්‍රි ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න 2019 වසරේ සිට එක්දින තරග 16කදී ශ්‍රී ලංකාව මෙහෙයවා ඇති අතර තරග 10ක් ජයගෙන තරග 4ක් පරාජයට පත්ව ඇත.

දසුන් ශානක එක්දින නායකත්වයෙන් ඉවත් කිරිමට ප්‍රධාන හේතුව ලෙස the Morning Sunday පුවත්පත පෙන්වා දී ඇත්තෙ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පිත්තෙන් සහ පන්දුවෙන් කණ්ඩායමට නිසි දායකත්වය ලබා නොදෙන බවය.

 

 

Leave a Comment