නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් මෙරට සංචාරයක

එළැඹෙන නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකා සංචාරයක නිරත වීමට නියමිතය. ඒ ටෙස්ට් තරඟ දෙකක් සදහාය..

ලෝක ටෙස්ට් ශූරතාවයට අදාලව පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය..

ලෝක ටෙස්ට් ශූරතාවයේ දෙවන අදියරෙහි ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සදහා ටෙස්ට් තරගාවලි 5ක් පැවැත්වීමට නියමිතය..

 

ඒ සදහා ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථනය ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය, ඉන්දියාව, සහ නවසීලන්තය යන රටවල සංචාරය කිරීමට සැලසුම් කොට තිබේ. මෙම සියලුම තරගාවලි ටෙස්ට් තරග දෙකකින් යුක්ත වීමද විශේෂත්වයකි..

 

2021 විස්සයි විස්ස ලෝක කුසලානය නිමා වීමෙන් පසුව එළැඹෙන නොවැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා කොදෙව් පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතය.

 

Leave a Comment