තවත් තරඟයක් ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකාව තරඟාවලිය ජය ගනී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනිවිස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මුලින් පන්දුවට පහර දීමට තීරණය කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සහ අකිල ධනංජය හට අද තරගය අහිමි වූ අතර ඒ සදහා කුසල් පෙරේරා සහ ප්‍රෙවීන් ජයවික්‍රම (DEBUT) ක්‍රීඩා කළ අතරම දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් කණ්ඩායමෙන් ඉවත් කර තිබූ අතර ඒ සදහා R වැන් ඩ ඩුසෙන් කණ්ඩායමට කැඳවා තිබූහ.

22 හැවරදි ප්‍රෙවීන් ජයවික්‍රම අද දින ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කළ 91 වැනි ක්‍රීඩකයා වෙමින් මංගල තරගය අද ක්‍රීඩා කරන ලදී.

කුසල් සමගින් ඉනිම ආරම්භ කරණ ලද්දේ චන්දිමාල්ය.මුළු ලකුණු 10 ක් ව තිබියදී චන්දිමාල් ලකුණු 05 ට ද ඉන්පසු පිටියට පිවිසි බානුක රාජපක්ෂ පන්දු 13 ලකුණු 20 ක් ද රැස් කිරීමට සමත් විය.

ඉන්පසු පිටියට පිවිසි ධනංජය සිල්වා ලකුණු 4 ට ද දසුන් ශානක ලකුණු 8 ට ද දැවී ගිය අතර කුසල් පෙරේරා පන්දු 30 ට ලකුණු 24 ක් රැස් කර සිටියදී මාක්‍රම් ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය.ඉන් පසු පිටියට පිවිසි හසරන්ග ලකුණු 4 ක් ද චාමික ලකුණු 8 ක් ද චමීර එක ලකුණකට ද චරිත් ලකුණු14 ටද මහිෂ් ලකුණු නොලබා ම දැවී ගියහ.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම 18.1 තුළ සියල්ලන් දැවී ලකුණු 103 යි. මාක්‍රම් සහ ෂම්සි කඩුලු 3ක් ද ෆොටින් කඩුලු 2 ක් මෙන්ම නොකියා සහ මහාරාජ් අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.

104 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසියේ ඩි කොක් සහ රීසා ය.පළමු කඩුල්ල ලෙස රිසා හෙන්රිකස් ලකුණු 19 කට දවා ගැනීමට වනිදු සමත් විය.

පන්දුවාර 14 යි 1 පන්දුවක් පමණක් නිමා වනවිට දකුණු අප්‍රිකා පිල ලකුණු 105 ක් ලබා ගනිමින් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කරන ලදී. ඩී කොක් නොදැවී ලකුණු 58 ක් හා මාක්‍රම් නොදැවී ලකුණු 21 ලබා ගත්හ. වනිදූ හට එක කඩුල්ලක් හිමි වූ අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙකු හට එකදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විය.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය එක් තරඟයක් ඉතුරුව තිබියදී දකුණු අප්‍රිකා පිල 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

Leave a Comment