ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු 50 සීමාව අඩුම පන්දු ගණනකින් වාර්තා කළ ක්‍රිඩකයින්..

අන්තර්ජාතික විස්සයි විස්ස පිටියේ කඩුලු 50 පසු කර යෑමට ඊයේ ( 1)  එංගලන්තය සමග තරගයේදී ලබාගත් කඩුලු 3 ත් සමග වනීදු හසරංගට හැකි විය. ඒ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ අඩුම පන්දු සංඛ්‍යාවකින් එම කඩඉම පසු කළ ගිය දෙවන්නා ලෙසිනි.

එසේම මෙම ලෑයිස්තුවේ සිටින මුල් ක්‍රීඩකයන් පස්දෙනා මෙසේය,

01 අජන්ත මෙන්ඩිස්


2008 ඔක්තෝම්බර් 10 දින මුල්ම තරගය ක්‍රීඩා කළ මෙන්ඩිස් හට මෙම කඩයිම පසු කරයෑමට ගත වූයේ තරග 26 ක් වැනි ඉතා අඩු තරග සංඛ්‍යාවකින් විමද විශේෂත්වයක්. තවද මෙන්ඩිස් මෙම සීමාව පසු කර යෑමට වැය කොට ඇත්තේද පන්දු 576 ක් පමණි.

02 වනිදූ හසරංග

(via Getty Images)

2019 සැප්තැම්බර් 01 දින විස්සයි විස්ස පිටියට පිවිසි හසරංග මෙම කඩයිම පසු කරන ලද්දේ 2021 ලෝක කුසලානයහි එංගලන්තය සමඟ පැවති තරඟයේදීය. මේ සදහා ඔහුට තරග 32 ක් ක්‍රීඩා කිරීමට සිදු විය. මේ සදහා ඔහු පන්දු 660 ක් යොමු කර ඇත.

03 ඉම්රාන් තාහිර්


දකුණු අප්‍රිකානු දග පන්දු යවන්නෙකු වූ ඉම්රාන් තාහිර් මෙහි තෙවන තැන ගනු ලැබේ.  තාහිර් සදහා මෙම කඩුලු 50 සීමාව පසු කර යෑමට තරග 31 ක් ගත වූ අතර 2017 පෙබරවාරි 17 වැනි දිනක ඔහු මෙම සීමාව වෙත ලංවිය. එසේම ඉම්රාන් මේ සදහා පන්දු 681 ක් ඒ සදහා වැය කොට ඇත.

04 රෂීඩ් ඛාන්

ඇෆ්ගනිස්තාන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක රෂීඩ් ඛාන් තරග 31 තුලදී මෙම සීමාව පසු කර ගියහ.  රෂීඩ් ඛාන් පන්දු 685 ක් මේ සදහා වැය කොට තිබේ.

05 උමාර් ගුල් 

හිටපු පකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් තරග 38 කදී  මෙම කඩයිම පසු කළ ගියහ. ඔහු මේ සදහා පන්දු 716 ක් වැය කොට තිබේ.

 

 

Leave a Comment