ජයග්‍රාහීව තරගාවලිය නිම කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා කණ්ඩායම අද ( 04 ) කොදෙව්වන් සමග සටනට…

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි අවසාන තරගය අද (04 වැනිදා) පසුගිය ශුරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වේ. දෙරට අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට අබුඩාබි  ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

(Photo by Alex Davidson/Getty Images)

අවසන් වරට ශ්‍රි ලංකාව මුහුණු දුන් එංගලන්ත තරගයේදී ජෝස් බට්ලර්ගේ විශිෂ්ඨ පිතිකරණයත් එංගලන්ත පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීමත් තරගාවලිය පුරාවට ශ්‍රි ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ කඩා වැටීමත් හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායමට පරාජයට පත්වීමට සිදු විය . එත් සමගම ශ්‍රි ලංකා කණ්ඩායමට මෙවර තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරග සදහා සුදුසුකම් ලැබීමේ අවස්තාව ද අහිමි විය.

පළමු කාණ්ඩයේ අවසන් පුර්ව තරඟයට ස්ථානයක් වෙන්කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව , දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තවමත් තරගකාරිත්වයක් පවතිනවා කෙසේ හෝ අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළහොත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ද ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වෙනවා.

අද පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා  කණ්ඩායමට තවත්  දඟ පන්දු යවන්නෙකු හා මද වේග පන්දු යවන්නෙකු එක් කර ගැනීමට බෝහෝ ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

අද තරගයට ක්‍රිඩා කිරීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, චරිත් අසලංක,  භානුක රාජපක්ෂ , වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු/ ධනංජය ද සිල්වා , චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු/ අකිල ධනන්ජය , පැතුම් නිස්සංක,  මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර,

Leave a Comment