මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය තුළ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩකයෙක් ලෙස චරිත් අසලංක දැක්වේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟයේදී කැපී පෙනන දස්කම් දැක්වීමට අසලංකට හැකි විය. පන්දු 41 තුලදී ලකුණු 68 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට සමත් විය.
හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් වන වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන ආකාශ් චොප්රා ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ශතා පිළිබඳව පැහැදී සිටි. එසේම චරිත් අසලංක සම්බන්ධව ට්විටර් පණිවිඩයක් පවා ඔහු තබා තිබේ.
චරිත් ipl සදහා හොඳ ආයෝජනයක් බවත් Ipl කණ්ඩායම් ඔහුව ලබා ගනු ඇති බවත් ඔහු එම ට්විටර් පණිවිඩයෙහි දක්වා තිබුණි. ඔහු දක්වා තිබූ ට්විටර් පණිවිඩය මෙසේය.
චරිත් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන අතර ඉනිම හයකදි රැස් කර තිබෙන ලකුණු සංඛ්‍යාව 231 කී. 46.20 ක ලකුණු සාමාන්‍යක් සහ 147.13 ක ප්‍රහාරක වේගයක් ද ඔහු මෙම තරගාවලිය තුල රදවා ගෙන තිබේ. එසේම අර්ධ ශතක 2 ක් ද ඔහු නම ඉදිරියේ දැක්වේ.
මෙවර ලෝක කුසලානය තුලදී අර්ධ අවසන් වටයට යාමට හැකියාව නොලැබුණද ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කල බව විචාරකයන්ගේ මතය විය.
Charith Asalanka is a real-deal. I expect a few #IPL teams setting their eyes on acquiring him at the auctions. #T20WorldCup #WIvSL
— Aakash Chopra (@cricketaakash) November 4, 2021
For #IPL2022 these Sri Lankans will add value to which ever franchise they get picked up in the next mega auction.
– Charith Asalanka
– Wanindu Hasaranga
– Chamika Karunaratne— Mohandas Menon (@mohanstatsman) November 4, 2021