ක්‍රිකට් ආයතනය තවමත් මොවුන් රැක ගැනීමේ උත්සහයක

මීට සති කිහිපයකට පෙර ජෛව ආරක්ෂිත බුබුළෙන් පිටව විනය විරෝධීව හැසිරීම නිසා  කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල, උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගණතිලක යන ක්‍රීඩකයන් හට තවාකලික තරග තහනමක් ඉකුත් දිනයකදී පනවන ලදි.

මොවුනගේ විනය විරෝධී හැසිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වීමට විශ්‍රාම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබුණි.ඒ අනුව 29 දින ඉහත ක්‍රීඩකයන් ට එරෙහිව විනය පරීක්ෂනය පංච පුද්ගල කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙදී පැවැත් වූ අතර ඔවුන්ට එරෙහිව දඩුවම් එහිදී නියම කරන ලදී.

මෙම කමිටුව විසින් අදාල වාර්තාව ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති අතර වහාම එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ක්‍රිකට් ආයතනය වෙත ලබා දී තිබුණි.

ඒ අනුව පංච පුද්ගල කමිටුව විසින් ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාට ඇමරිකානු ඩොලර් 25,000ක හා වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවන ලදි.එසේම නිරෝෂන් දික්වැල්ල හට මාස 18 ක තහනමක් ලබා දී තිබූ අතර එසේ කිරීමට හේතුව යූයේ මෙය ඔහුගේ පළමු වැරැද්ද හේතුවෙනි එසේම ඔහුටද ඇමරිකානු ඩොලර් 25,000ක දඩයක් නියම කර තිබේ.

කෙසේ වෙතත් පංච පුද්ගල කමිටුව විසින් ධනුෂ්ක හා කුසල් මෙන්ඩිස් හා දික්වැල්ල යන ක්‍රීඩකයන්ට නිර්දේශ කළ මාස 24 ක සහ මාස 18 ක දඩුවම වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම ක්‍රීඩකයන් තිදෙනා හට මාස 12 ක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් සහ මාස 6 ක දේශීය තරග පිටිය තහනම් කර ඇති අතරම නියම කළ තිබූ ඩොලර් 25 000 දඩය දෙගුණයකින් වැඩි කර 50 000 දක්වා වැඩි කර ඇත.

මෙසේ බලවත් ක්‍රිකට් බලධාරින් මෙයට මැදිහත් වී මෙම ක්‍රිකඩයන් තිදෙනා තව දුරටත් රැක ගැනීමේ උත්සාහයක යෙදී සිටි මාස 6 කින් පසුව නැවත දේශීය තරග ක්‍රීඩා කළ හැකි අතරම දක්වන දක්ශතා අනුව පනවන ලද වසරක ක්‍රිකට් තහනම නිමා වීමෙන් පසුව නැවත ජාත්‍යන්තර පිටියට පිවිසීමේ මං පෙත් විවර කර දී තිබේ.

Leave a Comment