කලක පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන පිතිකරණ ස්ථානයට විසදුමක්..

කලක පටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන පිතිකරණ ස්ථානය ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.  ඒ කිසිම ක්‍රීඩකයෙක් එම ස්තානයේ සාර්ථකත්වයක් නොදක්වන බැවිනි.

කෙසේ වෙතත්  මෙම ස්ථානය සදහා කදිම පිළිතුර චරිත් අසලංක බව  නිමා වූ බංගලාදේශ තරගයෙන් අනතුරුව මේ පිළිබද භානුක රජපක්ෂ සදහන් කර සිටියහ.

(Photo by KARIM SAHIB/AFP via Getty Images)

අංක තුන සදහා ධනංජය සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රජපක්ෂ, කමිදූ මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ආදේශ කළ අතර එම සියලු දෙනා එහි අසාර්ථක විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ පිතිකරුවෙකු වන චන්දිමාල් ලෝක කුසලානය ආරම්භයේ පටන් එහි ක්‍රීඩා කළද ඔහුට පවා සාර්ථක වීමට නොහැකි විය.

“නොම්බර තුන ස්ථානයේ ක්‍රීඩා කිරීම එතරම් ලෙහෙසි නැහැ. කලක පටන් නොම්බර තුන ස්ථානයේ ගැටලුව අපිට තිබුණි. මමත් අවස්ථා කිහිපයකදී නොම්බර තුන ස්ථානයේ ක්‍රීඩා කළා. නමුත් ඒක ක්‍රීඩා කරන්න ලෙහෙසි ස්ථානයක් නෙවෙයි. කුසල් පෙරේරා එක ලකුණකට දැවී යාමෙන් පසුව නොම්බර තුන පිතිකරු ලෙස චරිත් තරගය පාලනය කළ ආකාරය ඉතා විශිෂ්ටයි.”

එම තරගයේදී භානුක සහ චරිත් එකතුව ලකුණු 86 සබදතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජය වෙත ගෙන යන ලදි. භානුක වැඩිදුරටත් කියා සිටියේ මෙය 30 උපන්දිනයට තමාට ලැබුණු හොදම තිළිණය බවයි.

මේ අතර තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදි චරිත් අසලංක ඉදිරි තරග වලදීත්  රට වෙනුවෙන් මෙ විදියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වන බව පවසා සිටියා..

“මගේ රට වෙනුවෙන් ජයග්‍රාහී ඉනීමක් දියත් කිරීමට හැකිවීම පිළිබඳව සතුටුවෙනවා. අද මට ගොඩක් සතුටුයි. මගේ යාලුවන්ටත් ගොඩක් සතුටු ඇති. මම පළවෙනි පන්දුවට මුහුණ දෙනකොටම තේරුනා මේක පිතිකරණයට පහසු හොද තණතීරුවක් කියලා. භානුක ඉතාම හොද ඉනීමක් ක්‍රීඩා කළා. ඉදිරි තරග වලදීත් මගේ රට වෙනුවෙන් මෙ විදියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

 

 

Leave a Comment