ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තානයේ පැවැත්වෙන තරගාවලියෙන් එංගලන්තය තම ක්‍රිකට් කණ්ඩායම හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ඉවත් කර ගත් බව වාර්තා වෙනවා මේ සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “කලාපය වෙත සංචාරය කිරීම පිළිබඳව වැඩි වැඩියෙන් සැලකිලිමත් වීම වාඩාත් වැදගත් බවත්ය.එය තවදුරටත් මෙසේ පැවසීය:
ඉදිරිය කටයුතු කරගෙන යාමේදී සීමා සහිත කොවිඩ් පරිසරයන් තුළ තමන්ට සාර්ථකව කටයුතු කිරීම ක්‍රීඩා කණ්ඩායමකට තවදුරටත් පීඩනයක් ගෙන දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.”
“We can confirm that the Board has reluctantly decided to withdraw both teams from the October trip.”
🇵🇰 #PAKvENG 🏴
— England Cricket (@englandcricket) September 20, 2021
2009 දී ශ්‍රී ලංකා කණ්ඩායමට තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව වසර හයක් යනකුරු පාකිස්ථානයේදී කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වුනේ නැත, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පමනක් පාකිස්තාතය සිය තරග වලින් වැඩි කොටසක් පැවැත්වීය.
මේ පිලිබදව තම නිල Facebook ගිණුමේ අදහස් දක්වමින් පාකිස්තානු ක්‍රිකට් ක්‍රිඩක Shaheen Shah Afridi ප්‍රකාෂ කරනු ලැබුවේ
ඇත්තෙන්ම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉවත් වීම ඉතාමත් කණගාටුදායක ආරංචියක්. පාකිස්තාන ජනතාව ක්‍රිකට් කෙරෙහි දක්වන ඇල්ම සහ ආදරය ලෝකයට දැක ගත හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි. කෙසේ වෙතත්, අපි ඉදිරියටම ගමන් කරන්නෙමු. පාකිස්තානය කිසි විටෙකත් ඉන් ෂා අල්ලාහ්ට යටත් වන්නේ නැත. #පකිස්ථානයට ජයවේවා
