ඇනලයිස් කරපු හැම දෙයක්ම සාරථක වුනා – චාමික කරුණාරත්න

ඉන්දු ශ්‍රී ලංකා පළමු එක්දින තරගය ඊයේ 18 නිමා වුයේ ශ්‍රී ලංකා කණඩායමට තවත් පරාජයක් අත් කර දෙමිනි.මෙහිදී ශ්‍රී ලංකාව මුලින් පලමුව පන්දුවට පහර දීම කළ අතර ඉනිම අවසානයේ ලකුණු 262 ක් රැස් කර ගැනීමට හැකිවිය. චාමික කරුණාරත්න ලකුණු 43 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල වේගයෙන් ලකුණු රැස් කල අතර පන්දුවාර 36 යි පන්දු 4ක් තුළ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී කඩයිම පසු කිරීමට සමත් විය.

තරගය අවසානයේ චාමික කරුණාරත්න මාධ්‍යට අදහස් දැක්වීම සිදු කළහ.එහිදී මෙවන් සංවාද ඇතිවිය.

විකට් එක ස්පින් එකට කැපෙනවා මන් හිතන්නේ එතනදි ඒ ගොල්ලෝ ගත්ත options ඒ ගොල්ලෝන්ට හරි ගියා.අපිට හාෆ් චාන්ස් දෙක තුනක් මිස් උනා ඒ ආපු චාන්ස් දෙක තුන අපිට එකක් දෙකක් මොකක් හරි කර ගන්න තිබ්බ නම් අපිට ගොඩක් ලොකු තැනක ඉන්න තිබ්බ.ඒ ගොල්ලෝ හොදට බැට් කරා. ඒ ගොල්ලෝ B ටීම් එකක් කිවට ප්ලේයර්ස් ල 4ක් 5ක් වගේ තමයි අඩු. ඒ ගොල්ලොන්ගේ ප්ලේයර්ස් ල බැලුවම ගොඩක් Maturity සෙල්ලම් කරා.

මෙහිදී මාධ්‍යවේදීයෙකු පවර් ප්ලේ එකේ ගොඩක් ලකුණු සංඛ්‍යාව ක් ඉන්දීයාව ලබා ගද්දී මොනවද සාකච්ජා කරේ යන්න අසා සිටි අතර ඔහුට පිළිතුරු දුන් චාමික

“අපි විකට් ගන්නමයි බෝල් කරේ මොකද ඒ ගොල්ලෝ ඇටැක් කරනවා.අපේ බවුන්සර්,පේස් ස්පින්, හොදට බෝල් කරා ඒ ගොල්ලෝ ලෝකේ අංක 1 අංක 2 ටිම් එක ඒ ගොල්ලෝ ඇටැක් කරනවා. අපි ඩොට් බෝල දාන්න නෙවේ ගියේ අපි ගියෙත් විකට් ගන්න අපි විකට් ගත්තොත් අපි ට පස්සට ගන්න පුළුවන්.ඒ ගොල්ලෝ මුලින් ගහ ගෙන ආවා විදියට වඩා විකට් එකක් දෙකක් ගත්තට පස්සේ පස්සට ඇදුනා ඒ ගොල්ලෝත්.මන් හිතන්නේ ඒක අපිට කර ගන්න තිබ්බ නම් පවර් පලේ එකේ තව විකට් එකක් දෙකක් ගන්න තිබ්බ නම් ගේම් ඒක තව පොඩ්ඩක් චෙන්ජ් කරගන්න තිබ්බා.”

තරඟයට පෙර ඉන්දීය කණ්ඩායමෙහි පිතිකරණය පන්දු යැවීම කොතෙක් දුරට ඇනලයිස් කරාද එය ක්‍රියාත්මක කිරීමේදී කොතෙක් දුරට සාර්ථක උනාද යන්න තවත් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරහ. එහිදී චාමික

“මන් හිතන්නේ අපි ඇනලයිස් කරපු හැම දෙයක්ම සාර්ථක උනා ඒ ගොල්ලොංගේ බොලින් වල. බෑටිං වල උනේ විකට් එක පොඩ්ඩක් ස්ලෝ උනා අපි බැට් කරද්දී ඒ ගොල්ලෝ බැට් කරද්දී පොඩ්ඩක් විකට් එක බැට් එකට බෝලේ එන ගතියක් තිබ්බ. මුලින් සෙල්ලම් කරද්දී පොඩි ස්ලෝ ගතියක් තිබ්බ පටන් ගද්දිම ඉතින් ඒක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න ගත්තා.අපි බොලිංග් බැටින් ෆිල්ඩින් හැම දෙයක්ම පැලැන් කරනවා සමහර වෙලාවට අපි අතින් වැරදීම් වෙනවා. අපි සෑහෙන්න මහන්සි වෙනවා ඉස්සරහ තරග වල මොනවා හරි දෙයක් කරයි කියලා මන් හිතනවා.260 ක් ගැහුවා 320 ක වගේ ටගට් එකක් දෙන්න පුළුවන් අපිට ඒ ගොල්ලෝන්ට ලොකු තරඟයක් දෙන්න පුළුවන්.”

Dot බෝල 154 ක් තිබුණා ඒක කොහොමද dressing room එකේදි කතා උනේ පණිවිය යැව්වාද ක්‍රීඩකයන්ට යන්න පැනයක් ඉදිරිපත් වූ අතර ඔහුට දුන් පිළිතුරු

“විකට් එක ස්ලෝ උනා.අපි කතා උනේ තියලා දුවමු ලයින් වලට ගහද්දි ස්ට්‍රයික් එක හයියෙන් දුවල එකේ ඒව දෙකේ ඒව කරන්න බලමු.අනික් එක ඒ ගොල්ලන්ගේ ස්පින් එක හොදට බෝල් කර චහල් එහෙම හොඳ තැන් වල බෝල් කරා. අපේ උන අඩු පාඩු හදාගෙන ඉස්සරහට හොදට සෙල්ලම් කරයි කියලා.”

ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ම ලකුණු 20 සීමාව පහු කළා නමුත් ඔබට පමණයි 40 සීමාව පහු කරන්න පුළුවන් උනේ හේතුවක් තියේද එකට යන්න පැනයක් නැගූ අතර පිළිතුරු වශයෙන්

“ප්ලේයර්ස් ල හැමෝම හෝදා ස්ටාට් එකක් ගත්තා අවිශ්ක, බානුක,බානුක රාජපක්ෂ,හැමෝම හොඳ ස්ටාට් එකක් ගත්තා නමුත් ඒක පොඩ්ඩක් ඉදිරියට ගෙනියන්න බැරි උනා එක.මන් දාසුන් අයියත් එකකත් ගන්ද්දිත් මන් එයාගෙන් ඇහුවා පාරක් ගහන්නද ඊට පස්සේ එයා කිව 45 වෙනකං බලමු 46 වෙනකං බලමු මොකද විකට් එකක් ගියපු නිසා 48 49 වෙනකං අදින්න උනා. අපි හොඳ ස්ටාට් එකක් ගත්තා ඒක ඉස්සරහට කරන් යන්න පුළුවන් නම් අපිට 300 ක් පන්නල ගහන්න පුළුවන් ඒ හැකියාව අපේ ප්ලයෙරස්ල ළග තියෙනවා.”

දෙවන එක්දින තරගය හෙට (20 ) සවස 3 ට ආරම්භ වීමට නියමිතය.

Leave a Comment