අද තරගයට ක්‍රිඩා කිරීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම..

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගි තීරණාත්මක තරගයක් අද (01 වැනිදා) ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වේ. ඒ අනුව දෙරට අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට සජා  ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව මුහුණදෙන සුපිරි 12 වටයේ අවසන් පස්වන නොවැම්බර් 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අබුඩාබිහීදී  තරග වදීමට නියමිතව ඇත. ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට මෙම තරඟ දෙකම ශ්‍රි ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරිම අනිවාර්ය වේ.

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේදී අවසන් පන්දු වාරයේදි  ඩේවිඩ් මිලර්ගේ විශිෂ්ඨ පිතිකරණය හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම පරාජයට පත්වීමට සිදු විය .

 (Photo by INDRANIL MUKHERJEE/AFP via Getty Images)

එමෙන්ම අද පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා  කණ්ඩායමේ  දඟ පන්දු යවන්නෙකු හෝ මද වේග පන්දු යවන්නෙකු එක් කර ගැනීමට බෝහෝ ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

අද තරගයට ක්‍රිඩා කිරීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු/ අකිල ධනන්ජය , පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ.

 

Leave a Comment